- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: November 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

සලපතල මළුව

අතිශයින්ම දුර්ලභ වු පිනක් බොහෝ දෙනෙකුට රැස් කර ගන්නට ලැඛෙන්නේ ඉතාමත් කලාතුරකින්.ඒ අතරින් බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කරගන්නටත් ලැඛෙන්නේ බොහෝ සුළු පිරිසකටයි.මීට අවුරුදු දෙදහස් ගණනකට කලින් අප සරණ ගිය ඒ ගෞතම අරහත්සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පුන් පෝහෝ දිනක අවසන් වරට මෙ සිරිලකට වැඩම කලා.උන් වහන්සේ වැඩියේ තවත් මහා රහතන් වහන්සේලා 500ක් පිරි වරාගෙනයි.

මුලින්ම උන් වහන්සේ කැළණියට වැඩම කොට රැස් ව සිටි පිරිසට දහම් දෙසුවා.ඊට පස්සේ උන් වහන්සේ සමන්තකූඨ පර්වතයට වැඩම කලා,ඊට පස්සේ දීඝවාපියට වැඩම කලා.ඊට පස්සේ උන් වහන්සේ "ඉන්දක"නම් වූ දිව්‍ය පුත්‍රයාගේ ආරාධනයෙන් බදුලු පුරවරයටත් වැඩම කලා.

එතනදි හරි අසිරිමත් වූ දෙයක් සිදු වුනා.ඒ බුදු සමිදුන් පන්සියයක් මහා රහතන් වහන්සේලා සමගම එම භූමියේදී නිරෝධසමාපත්තියට සම වැදුනා..අතිශයින්ම සතුටට පත් වු ඉන්දක දෙවිදුන් උන් වහන්සේගෙන් වන්දනා කිරිමට යමක් ඉල්ලූ විට තවත් අසිරිමත් දෙයක් සිදු වුනා.ඒ වෙලාවෙ උන් වහන්සෙගේ පුළුල් නලල්තලයෙන් දහඩිය බිදුවක් ගලා එමින් තිබුනා.උන් වහන්සේ සෘදියෙන් ඒ දා බිදුව මුතු බවට පත් කොට කේෂ ධාතූන් වහන්සේලා සමග ඉන්දක දෙවිදුට ලබා දුන්නා.ඒ අසිරිමත් සිදුවීම වුන තැන තමයි දැන් බදුලු මුතියංගණ මහා සැ රදුන් පිහිටා තිඛෙන්නේ.

උන් වහන්සේගේ සෘදියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු ශාරීරික ධාතූන් වහන්සේනමක් වැඩ සිටින ලෝකයේ එකම මහා සෑය ලෙසටත් මෙය බව සැලකෙනවා.කේෂ ධාතූන් වහන්සේලාට අමතරව උන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලබා දුන් එකම ධාතූන් වහන්සේ ලෙසත් මෙම "මුක්තක" ධාතූන් වහන්සේ සැලකෙනවා.

මෙවන් අසිරිමත් ගුණ දරන මුතියංගණ මහා සෑ රදුන් වටා ඇති,බුදු සමිදුන්ගේ හා පන්සියයක් මහා රහතන් වහන්සේලාගේ සිරි පා කමල් වැළද ගත් භූමිය දැන් කළු ගලින් හැඩ වෙනවා.කලින් තිබුනු වැලි මලුව වෙනුවට සුව සේ වන්දනා කර ගැනීමට හැකි වන ලෙස දැන් "සලපතල මළුවක්"ඉදි වෙමින් පවතිනවා.මෙක තමයි සොලොස්මස්ථාන වලින් සලපතල මලුවක් අඩුව තිබුනු එකම පුද බිම.ඉතින් තව ටික දවසකින් වැලි මළුව සලපතල මළුවක් වෙිවි.ඉතින් ඔබත් එන්න මෙ පින් කමට දායක් වෙන්න.ඔඛෙි සියතින්ම බුදු සුවද රැදි බිමට කළු ගලක් තියන්න.බොහෝ දෙනා තෙමාගෙන ඇද වැටෙන මෙ මහා පින් වැස්සේ තෙමෙන්න ඔබත් එන්න. 

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා

සුරක්ඛිතං ඉන්දක දේව තේජසා

ජයංගණං සීහල දීප වාසිනං

මුතිංගණං ථූප වරං නමාමි

සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.

රූ විසිතුරු