- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: December 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

සිත් සේ වැපීරු බුදු පුතුන්

අවසන් හෝරාවෙ ඇද වැටුනු පින් වැස්සේ....සිත් සේ වැපීරු බුදු පුතුන්
හා පින් වැස්සක් වැහැලා අහවර වුනා.... බුදු සමිදුන්ගේ මුක්තක ධාතූන් වහන්සේ හෙවත් මුතු ධාතුන් වහන්සෙ වැඩ සිටින,ගෞතම මුනි සිරි පා පහස රැදුනු,බදුලු මුතියංගණ මහා සෑ මළුවෙ ඉදිවෙමින් පැවතුනු සලපතල මළුව දැන් සම්පුර්නයි.........
අපගේ බුදු සමිදුන් වෙනුවෙන් ඉදිවුන මෙි මහා සෑ මළුවෙ පහස,උදුවප් මස පුන් පෝ දින සියල්ලන්ටම විද ගන්නට හැකි වෙවි.
බොහෝ දෙනා තෙමාගෙන ඇද වැටුනු මෙ මහා පුණ්‍ය වර්ෂාවෙ නුවණැති බෝහෝ දෙනා සිත් සේ තෙමුනා.සිත් සේ පින වැපුරුවා...ඒ සියලු පින් මෙපින් කමට දායක වූ සියලු පින්වතුන්ට අනුමෝදන් වෙිවා.....මෙපින්කමට දායක වන්නට නොහැකි වූ පින්වතුන්ටද මෙ පින එක සේම අනුමෝදන් වෙවා....
මහමෙවිනාවෙ උනුසුම ලද බොහෝ තරුණ ජවය,නිහඩව මෙි පින්කම වෙනුවෙන් කැප කලා.උදේ හවා වෙහෙසුනා...පින ගැන දැන ගත් උදවිය තම අත ඇති දේ අත් ඇරියා...පින්කම නිමා වන අවසන් හෝරා කීපයේ පිය උරුමය සොයා ආ මහමෙවිනා බුදු පුතුන්ගේ සුරතින් මහා සෑ මළුව හැඩ වුනා....සතුටු කදුලු වගුරුවමින් තම පිය රජුන්ගේ බුදු සුවද රැදුනු,තම පරපුරෙ වැඩිමහල් සොයුරන් සිහ නද පතුරුවමින් වැඩ සිටි මෙි පින් බිම කලු ගලින් සැරසුවා....

තින් අවසරයි........ බොහෝ නුවණැත්තන්ට බොහෝ කල් සුගති දොරටු විවර කල මෙ මහා වර්ෂාව පායා යන්නනට...ඒත් ඒ මහා වැස්සම මහා මෙඝයක් පෙරටු කරන් වසින බව ඒකාන්තයි.....මහා නුවර අහසද පොළොන්නරු අහසද,පොල්ගහවෙල අහසද කලු කරන් වසින හඩ ලගින්මයි ඇසෙන්නේ......ඉතින් යමු අපිත් සොදුරු යුගයේ සොදුරු අස්වනු නෙලන්නට.......