- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: May 2010
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

ඔබ වහන්සේ පහළ නොවුනානම්?.......

අපි ඔබ වහන්සේට කෙසේ නම් කළ ගුණ ගයන්නද?
ඇයි ඔබ වහන්සේ අපට මෙතරම් කරුණාවක් දක්වන්නේ.......
දහසකුත් නින්දා විදගෙන අපට පින් මවන සමිදුනේ......
ඔය පා යුගල දිගු කල මැනව,සිතේ හැටියට වන්දනා කරන්නට.
මනු ලොව සක් දෙවිදුනේ.....එදා මහා වැස්සේ තෙමුනේ අපි නිසාම නේද?
ජයසේන නා රජුනි... වැසි වස්සන පජ්ජුන්න දෙවිවරුනි....කොහොමද බලා සිටියේ මෙ මහා පරුෂ රත්නය මහා වැස්සේ තෙමෙන හැටි...
කේසර සිංහයෙක් වගේ ඔබ වහන්සේ සොමාවති මහා සෑ සමිදු මහා වැස්සේ වන්දනා කල හැටි හරි පුදුමයි.ස්වාමිනි අපි ඔබ වහන්සේ නිසා බොහෝ පින් රැස් කලා....සිතේ ඇති වුන සෙනෙහස නිසාමයි මෙ කියන්නේ ...මුලු ලෝකයම ඔබ වහන්සේට එරෙහි වුනත් ඔබ වහන්සේගේ පැත්තේ මං ඉන්නවා..ඒ ඔබ වහන්සේ බුදු සමිදුන්ගේ පැත්තේ ඉන්න බව අපි දන්න නිසා....
ඔබ වහන්සේ පහළ නොවුනානම්?...........මහා වීරයාණෙනි,මනු ලොව සක්දෙවිදුනි,දෙව් ලොව ඥාතියානෙනි,මගේ ලොව වීරයානෙනි,නමස්කාර වෙවා ඔබ වහන්සේට.....කායික අපහසුතා දුරු වෙවා....තව බොහෝ කල් ඛෙහෝ දෙවි මිනුසුන්ට හිත සුව පිණිස වැඩ සිටිවා....
Images

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස

ආවෙමු අපි මෙහි සෝමාවතියේ.....වදිමු සෑය අපි සෝමාවතියේ.....
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ දකුණු දළදා වහන්සේ වන්දනා කරන්නට බොහෝ දුර බැහැර සිට අපි එනවා... ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ මහා පුරිස ලකුණින් විරාජමාන වූ ඔය තඹ පැහැති නිය දරණ සිරිපා යුගල දිගු කල මැනව.ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අප ආදරයෙන් ඔබ වහන්සේ වන්දනා කරමු. ස්වාමීනි මෙ වන්දනාව පිලිගන්නා සෙක්වා...දකුණු දළදා සමිදුනේ මාගේ මෙ වන්දනාව කරුණාවෙන් පිළිගන්නා සේක්වා...........