- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: ෴ධාතු විස්තරය෴
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

෴ධාතු විස්තරය෴

පරම ශ්‍රේෂ්ඨවූ, පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි.
යම් තැනක ඒ මහා ප්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුනොත්, ඒ පරම්පරාවම
෴සුවපත් වෙනවා.෴

  පරම ශ්‍රේෂ්ඨ වූ රාජාභිරාජ වූ මනුජේන්ද්‍රයන් වහන්සේ වන ගෞතම සම්බුදු රජුන් සම්බුද්ධ රාජ්‍යයේ අධිපති බවට පත්ව වසර 2600ක් ගත වී තවම ගෙවී ගොස් ඇත්තේ සති 2ක් තරම් වූ සුළු කාලයකි.සම්බුදු බවෙ අසිරිය කෙතෙක් ද යත්,වසර 2600ක් ගත වුවද,ලොවම සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙන්නේ අද ඊයේ උන්වහන්සේ සම්බුදු බවට පත්වූ කලක මෙන් ප්‍රබෝධයකිනි.....


 ඒ සම්බුද්ධත්ව ජයන්තිය සිහිකර සිරිලක සතර අත මහා සෑයවල් ඉදිවේ,සතර අතින්ම උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සියැසින් දැක ගැනීමට අවස්ථාව උදා වේ,උන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වු නිකෙලෙස් මුණිවරයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාද සියැසින් දැක  බලා වැද පුදා ගැනීමට අවස්ථාව උදා වේ.බටහිර දේශයන්ගේ වැඩ සිටින උත්තම මුණි ධාතූන් වහන්සේලා පවා සිරිලකට වැඩම කරන සොදුරු පුවත් නිතරම කණ වැකේ..ඒ සම්බුදු රදුන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ජේථවනාරාමයේ ජීවමානව වැඩ සිටින කලෙක මෙන් දැන් සිරිලකද දිස් වේ.....

ඒ අසිරිමත් මුණිදාණන් පිරිණිවන් පැ කල්හි උන්වහන්සේගේ සම්බුද්ධ බල මහිමය රැඳුනු ධාතූන්වහන්සේලා ලෝ ධාතූන් වල සියලූ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස තවමත් ජීවමානව වැඩ වෙසිති.

කල්ප ගණන් පාරමී ධර්මයන් පුරා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයා ආ ඒ මහානූභාවසම්පන්න නිකෙලෙස් මහ රහතන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලාද බොහෝ දෙවිමිණිසුන්ගේ පිං කෙත වපුරවමින් මේ ලෝ ධාතුවෙහි වැඩසිටිති.

ඒ අතරින් බෝහෝ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ ගොයුම්ගොත් සසුන බබළවන මහා පිණැතියන් හට ක්ෂේම භූමියක්වන් ලංකා ධරණි තලයේය.ඒ මෙසේය,

කේෂ ධාතූන් වහන්සේලා

  දකුණුඅකු ධාතූන් වහන්සේ

   වම් දළදා වහන්සේ

    දකුණු දළදා වහන්සේ

    ලලාට ධාතූන් වහන්සේ

   ග්‍රීවා ධාතූන් වහන්සේ

    ඌර්ණ රෝම ධාතූන් වහන්සේ

    පටී ධාතූන් වහන්සේ

    නඛා ධාතූන් වහන්සේ

   මුක්තක ධාතූන් වහන්සේ

    ජල සාටිකා ධාතූන් වහන්සේ

    ශ්‍රි පාදපද්මයන් වහන්සේලා

   බෝහෝ පාරිබෝගික ධාතූන්වහ්නසේලා

  මේ අතරින් අපට පිං කල නෙතින් දැක ගැනීමට භාග්‍යය ඇත්තේ වම් දළදා වහන්සේත්,කේෂ ධාතූන්වහන්සේලාත් පමණි.අනෙකුත් සියලූ ධාතූන් වහන්සේලා මහා ගාම්භීරව මහා සෑ ගර්භයන් තුල සුවසේ වැඩ සිටිති.

  මෙතැන් පටන් ඔබට දක්වන්නේ ලොව පුරා වැඩ සිටින දෙනෙතින් දැක ගත හැකි ඒ උත්තම මුණි ධාතූන්වහන්සේලා සහ ශ්‍රාවක ධාතූන්වහන්සේලායි.
සාදු! සාදු!! සාදු!!!
▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩
 බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන්හන්සේලා ශ්‍රී ලංකාවේ බෝහෝ මහාසෑ ගර්භයන් තුල වැඩ සිටිති.

    ගිරිහඩු සෑය


    මහියංගණ මහා සෑය


    මුතියංගණ මහා සෑය


    සේරුවාවිල මංගල මහාසෑය


    කිරිවෙහෙර


   ජේතවනාරාමය


    මකුලාන රජමහා විහාරය


    යටිහලගල බෝධිමළු විහාරය


    ගේඨපබ්බත රජමහා විහාරය


    හුණුපිටිය ගංගාරාම මහාවිහාරය

    මාදම්පේ සේනානායකාරාම මහා විහාරය

හුණුපිටිය ගංගාරාම මහාවිහාරය
කිරි වෙහර
සේනානායකාරාම මහා විහාරය
මංගල මහා සෑය

ෙජ්ථවනාරාම මහා සෑය

මහියංගණ මහා සෑය
 

2011 කේෂ ධාතූන් වහන්සේලා වැඩම කරවමින්
මේ අතරින් හුණුපිටිය ගංගාරාම මහා විහාරයේ වැඩ සිටින්නේ බංගලාදේශයේ චිතගොන් මහා විහාරයෙන් පූජා කෙරුනු කේෂ ධාතූන්වහන්සේලායි.චිතගොන් මහා විහාරයට මෙම කේෂ ධාතූන්වහන්සේලා 1930 දී ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරෙනි.2007 වසරේදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් කල ඉල්ලීමකට අනුව ලංකාවට පූජා කෙරුණු මෙම අසිරිමත් ධාතූන්වහන්සේලා හුණුපිටිය ගංගාරාම මහා විහාරයේදී සහ මාදම්පේ සේනානායකාරාම මහා විහාරයේදී ලක්ෂ සංඛයාත සදැහැවතුන්ගේ සාදුකාර මැද ප්‍රදර්ශනය කෙරිනි.නැවතත් 2011 අප්‍රේල් 20වනදා ජනපතිඳුන්ගේ විශේෂ ඉල්ලීමක් පරිදි තවත් අසිරිමත් කේෂ ධාතූන්වහන්සේලා චිතගොං විහාරයෙන් පරිත්‍යාග කෙරෙනි.එම ධාතූන්වහන්සේලා 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය එළැඹුනු ඉකුත් වෙසක් පුන් පොහෝ දින හූදී ජන පහන් සංෙවිගය උදෙසා කළුතර බෝ සමිඳුන් අභියස දී ප්‍රදර්ශනය කෙරෙනි.පහතින් දැක්වන්වේ මහිතලය එකලූ කල අපගේ සූර්්‍ය වංශයේ උපන් දම්සක් පැවතුම් ඇති,තුන්ලොව එළිය කල හිරුමඩල වන් ගෞතම ශාක්‍ය සිංහ නරෝත්තමයන් වහන්සේගේ අසිරිමත් කේෂ ධාතූන් වහන්සේලාය.සාදු!! සාදු!!! අපිත් සැදැහැ සිත් උපදවාගෙන පින් කල නෙතින් වන්දනා කරමු ඒ මුණි ධාතූන් වහන්සේලාට....
සාදු!! සාදු!! සාදු!!!
(ඡායාරූප විශාලනය සදහා ඒ මත Click කරන්න )
(මෙම ඡායාරූප සමිබුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ වන බැවින් ගෞරවයෙන් සලකන්න.අනෙකුත් ඡායාරූප සමග එක්ව නොතබන්න.)














සාදු! සාදු!! සාදු!!!
▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩
   මීට අමතරව භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් අස්ථී ධාතූන් වහන්සේලාද බෝහෝ තැන්වල වැඩ සිටිති.ඒ අතරින් අතිශ්‍ය පුණ්‍යවන්ත වූ අප ලක් දෙරණේ උන්වහන්සේගේ ඛෙදී වෙන් වු ධාතූන් වහන්සේලාගෙන් විශාලම ධාතූන්වහන්සේ වන ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටිති.සියලූ දෙවි මිනිසුන්ගේ නෙත් සිත් වසඟ කල බුද්ධ රශ්මි මාලා විහිදී ගිය ඒ සමිබුදු ශීර්ෂයේ විශාලම ධාතූන් වහන්සේ අප දිවයිනේ වැඩ සිටීම කෙතරම් ආශ්චර්යක්ද!!!!!
අදටත් උන්වහන්සේගේ ලාලාට ධාතූන්වහන්සේ බුදු රැස් විහිදුවමින් සේරුවාවිල මංගල මහාසෑයේ වැඩ සිටිති.
උත්තම ලලාට ධාතූන් වහන්සේ පියවි නෙතින් දැක ගැනීමට නැති වුනත් උන්වහන්සේගේ ඉතිරි ශීර්ෂ ධාතූන්වහන්සේලා තවමත් පියවි නෙතින් දැක ගැනීමට හැකි බව ඔබ දන්නවාද?????
ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක තැන්පත් කර ඇති මෙම අසිරිමත් ශීර්ෂ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ බස්ති දිස්ත්‍රික්කය හෙවත් එදා කපිලවස්තු ප්‍රදේශයෙන් 1972 දී සොයා ගැනුනු මෙම ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 3ක් 5ක් පමණවේ.මෙම ධාතූන්වහන්සේලා 1990 සිට නවදිල්ලි කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කරන අතර තායිලන්ත රජයෙන් 1997දී පරිත්‍යාග කෙරෙනු ඉහත විෙශ්ෂිත කරඩුව රත්‍රං ග්‍රෑම් 109ක් යොදා ගනිමින් සාදා ඇත.1978 දී  ලංකාවට වැඩම කරවන ලද මෙම ධාතූන්වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සාදුකාර මැද ප්‍රදර්ශනය කෙරෙනි.
මෙසේ සියලු ලෝ වැසියන්ට හිත සුව පිනිස වැඩ සිටින මෙම දුර්ලභ ධාතූන්වහන්සේලා පහත දැක්වේ.සවනක් ඝන බදු රැස් විහිදුවාලු සම්බුද්ධ ශීර්ෂයේ ධාතූන්වහන්සේලා තවමත් ජීවමානව වැඩ සිටීම කෙතරම් අසිරියක්ද?සාදු!! සාදු!!! අපිත් වඳමු ඒ උත්තම මුණි ධාතූ....






සාදු! සාදු!! සාදු!!!
▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩


 

අප ලක් දෙරණේ සම්බදු රදුන්ගේ දළදා වහන්සේ අසිදිසි ස්වර්ණයම කරඬුවක් තුල ජීවමාන බුදු සමිඳු මෙන් වැඩ සිටිති.ඒසෙම එවන්වූ අසිරිමත් ධාතූන්වහන්සේ නමක් චීනයේ ජීවමාන බුදු සමිදු මෙන් වැඩසිටිති.
කියූ පමණින් අදහ ගැනීමටවත් නොහැකි මෙම අසිරිමත් ධාතූන්වහන්සේ අපගේ බුදු රජාණන්වහන්සේගේ අංගුලි ධාතූන් වහන්සේයයි.ලොවටම වැඩ සිටින එකම අංගුලි ධාතූන් වහන්සේ වන මෙම ධාතූන්වහන්සේ සොයා ගැනුමද අසිරියකි.
චීනයේ ඉතා පැරණි ෆාමෙින් විහාරයේ භූගත සංකීර්ණයක කැනීම් සිදුකරීෙමිදී 1989 වෙසක් මාසයේදී විශේෂ සඳුන් පෙට්ටියක් සොයා ගැනීමට හැකි විය.එය විවර කිරීෙමිදී රන් සහ රිදියෙන් සැකසූ තවත් පෙට්ටි 7ක් හමුවිය.ඒවා සියල්ල ඉතා තුනී සිලික් රෙදි වලින් ආරක්ෂාකාරි ලෙෂ එතා තිබිනි.රිදී සහ රන් පෙට්ටි සියල්ලම මැනවින් කැටයම් කර තිබූ අතර රිදියෙන් කරන ලද අගලූ වලින් දැඩි සේ අගුලූ යොදා තිබුනි.
අවසන් රන් බඳුන විවර කිරීෙමිදී අස්ති කොටස් 6ක් ලැබුනි.චීන රජදරුවන් මෙම ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට ගත් පියවර කොතෙක්දයත් ලැබුනු අස්ථී කොටස්වලින් 3ක්ම වයාජ ඒවා විය.
පසුව විශේෂ පරීක්ෂනයකින් නිවැරදි අසථී ධාතූන් වහන්සේලා කොටස් වෙන්කර ගත් පසු ඉන් එක් ධාතූන් වහන්සේ නමක් බුදු සමිදුන්ගේ ඇඟල්ලක ධාතූන් වහන්සේ නමක් බවට තහවුරු කෙරෙනි.
චීන රජදරුවන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙමින් සතුරු අක්‍රමන හේතුවෙන් බිමි මහලක සුරක්ෂිත වුන මෙම දුර්ලභ ධාතූන් වහන්සේ අදටත් චීනයේ ෆාමෙන් විහාරයේ විශේෂ රන් කරඬුවක වැඩ සිටිති.පහත දැක්වෙනුයේ එම ධාතූන්වහන්සේයි.(ගයාන් චානුක විදාන පතිරණයන් ලියූ ධාතු විස්තරය නම් වූඅනර්ඝ කෘතියෙහිද මෙම අංගුලි ධාතූන්වහන්සේ ගැන සදහන් වෙි)
ඇසීමටත් දුර්ලභ වන සම්බුදු යන නම ලොව ඇසෙන කලෙක උන්වහන්සේගේ ශ්‍රී හස්තයක ධාතූන් වහන්සේ නමක් සියැසින් දැක ගැනීමට තරම් අප ලද භාග්‍ය කෙතරම්ද!!!දෑත් මුදුනේ තබාගෙන බලනු මැනව,ඒ අසිරිමත් අංගුලි ධාතූන්වහන්සේ.෴

෴සාදු!!සාදු!!සාදු!!!෴

ව්‍යාජ ලෙස සකස් කල අස්ථි කොටස්
සොයා ගැනුනු මංජුසා 7
ධාතූන් වහන්සේ සොයා ගැනුනු බිමි මහල




සාදු! සාදු!! සාදු!!!
▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩▩
තවත් දිනක-සම්බුදු රදුන්ගේ ඥාතීන්ට අයත්ව තිබු සර්වඥ ධාතූන් වහන්සේලා සිරිලකට ලැබුනු   හැටි