- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: නිබිරු-nibiru
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

නිබිරු-nibiru

ඉතින් ප්‍රිය මිතුර ඔබ සූදානම්ද????Are you Ready????
නිබිරු (Nibiru )හෙවත් Planet X කියන්නේ වසර 3600ට පසු නැවත අප සොයා එන ග්‍රහලොවක්.මෙ ගැන මුලින්ම අදහස් පලවෙන්න පටන් ගත්තේ1989දී.ෙමි Nibiru කලින් වතාෙවි”ඒ කියන්නේ මීට වසර 3600ට කලින් ආපු වෙලාෙවි තවත් ග්‍රහකයක වැදිලා තමයි දැන් බ්‍රහස්පති හා අඟහරු අතර තියන ග්‍රහක වලල්ල හැදිල තියෙන්නේ කියල කියනවා.බ්‍රහස්පති හා අඟහරු අතර තියන ග්‍රහක වලල්ල

සමහරු විදුවතුන් කියන්නේ ඒ වෙන ග්‍රහලොවක් නෙවෙයි අපේ පෘතුවියෙමයි ගැටුනේ කියලා.දැන් පෘතුවිය ඒ ගැටුමෙන් ඉතිරි වුන කොටසක් කියලත් කියනවා.
පෘතුවිය ඒ ගැටුමෙන් ඉතිරි වුන කොටසක් කියලත් කියනවා.


ඉතින් මෙ Niburu ටතියෙන්නේ ඉලිප්සාකාර ගමන් පථයක්.ඉතින් වසර 3600ට පස්සේ ආයෙත් පෘත්වියට ආසන්න වෙනවා.බටහිර විද්‍යඥයින් අනතුරු අගවනවා 2012 දෙසැම්බර් 21 තමයි මේක පෘතුවියේ වදින දවස කියලා.
නිබිරු ගැන මුලින්ම අදහසක් පළ කරලා තියෙන්නේ Zecharia sitchi කියන සුමෙරියානු පුරාවිද්‍යඥයා’ඒ 1976 දී "The 12th Plant "කියන පොත එළිදක්වලා’ඔහු එහි දක්වා තිඛෙනවා නිබිරු නම් දොලොස්වන ග්‍රහ ලොවක් ගැනත්’එය තම කක්ෂය වටා ගමන් ගන්න වසර 3600 ගත කරන බවත්.ඔහු පවසන්නේ සුෙමිරියානු භාෂාවෙන් නිබුරු කියන්නේ ග්‍රහලොවට බව.ඔහු පවසනවා ආදී සුෙමිරියානු වැසියන් වසර 3600ට පසු පෘතුවියට ලං වන නිබිරු නම් ග්‍රහලොව ගැන දැන සිටි බව.

දැන් දැන් නිබිරු වසර 3600ට පසු නැවත පෘතුවියට ලං වෙනවා.මෙහෙම ලං වෙද්දී සුර්්‍යයාගේ සහ නිබුරුගේ ගුරුත්වය නිසා පෟතුවිය ඉරි තැලී යන බව තතු දත්තෝ පවසනවා.නූතන ලොව කාළගුනික විපර්යාස වලට හේතුවත් ෙමි කරුණ කියලයි කියන්නේ.
ඉතින් ඒක නම් ඇත්ත කියල ඇස්පනා පිටම අපිටම පේනවා නේද?ගෙවල් පිටින් මහ පොළොවෙ ගිලෙන හැටි අපි තියා අපේ වැඩිහිටියන්වත් දැක් තිෙයනවද?මහපාරවල් දෙකට වෙන් වෙලා,මහ පොළොව දෙකට පැලෙනවා, මහ වැව් කැඩි යන්න ඔන්න මෙන්න ,පාරවල් වහල........
ඉතින් ලෝකෙම දැන් මෙ ගැන කතා කරනවා....ෙමි අවුරුද්දේ මැයි වෙනකොට මෙ නිබුරු පෘතුවියට පෙනෙන්න පටන් ගන්නවා කියලයි කියන්නේ.දැනටමත් සමහරුන් මෙික ඡායාරූපවලට හසුකරගෙන අවසන්.
ලගදි නාසා ආයතනයතත් අළුත් ඡායාරුපයක් නිකුත් කලා.

(නාසා ආයතනය නිකුත් කල ඡායාරුපය )

මුලූ ලොවම කලබලා වෙලා.නාසා ආයතනය කියන්නේ ඔවුන්ට සතියකට ලැඛෙන E mail වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඔවුන්ට ඇත්ත කියන්න කියලා එන E mail කියලා.ඔවුන් කියන්නේ "අපිට ඇත්ත කියාපල්ලා එක්කෝ අපිට ජීවත් වෙන්න නැත්තම් අපේ දරුවොයි අපේ සුරතල්ලූයි එක්ක අපි සියදිවි නහගන්න" කියලා.




සමහරුන් මෙික ඡායාරූපවලට හසුකරගෙන අවසන්.

ඉතින් බටහිර ලොකේ මෙ අනතුර ගැන කතා කලාට ඔවුන්ට පිහිටක් වෙන්න කවුරුත් නෑ’ඔවුන්ගේ තාක්ෂනයෙන් දවසින් දවස ෙමි අනතුර ගැන කිවාට ඒ මිනිසුන්ගේ බිදුනු හදවත් සනසවන්න තාක්ෂනය එයාලා ලඟ නෑ’
අපේ රටෙත් බලා ඉද්දිම ගෙවල් මහ පොළොෙවි ගිලා බහිනවා.මිනිසුසු දුක් මහන්සියෙන් අවුරුදු ගණන් වෙහෙසිලා හදපු දේ තම දැස් ඉදිරිපිටම පොලොෙවි වැතිරෙනවා.ඒ මිනිස්සු ඒ දිහා බලාපොරොත්තු රහිතව බලා ඉන්න අද්දැකීමට දැන් අපි මූන දෙනවා.ඒත් ඒ මිනිසුන් සැනසුම් සුසුම් හෙලන්නේ "අපිට ඉන්න හිටින්න තැනක් නැති වුනත් දරුවෝ ටිකත් එක්ක අපි ෙබිරුනානේ කියලා"
ඒත් තව ටික දවසකින් ඒ නිදහසත් අපිට නැති වෙයි...අනතුරක් අපි ලගමයි....ඊට කලින් අපි ආරක්ෂාවක් හදා ගමු...කරුණාවෙන් මෛත්‍රියෙන් ෙමි ගැන කියල දෙමු...අපේ ඇස් පනා පිටම දකින ෙමි වෙනස මිනිසුන්ට දරා ගන්න බෑ...අපිට ආරක්ෂා වෙන්න එකම ඒක තැනයි තියෙන්නේ....

ඒ බුදු සමිදුගේ සෙවනේ විතරමයි.......එතැන විතරයි බිය නැති තැන.....

ඉතින් අපි එකිනෙකාට බැණ අඩගහ ගන්නැතිව,එකිනෙකාගේ වැරදි සොයන්න නැතිව,ෙමි ජීවත් වෙලා ඉන්න ටික කාලයේ ඉරිසියාව,වෛරය අත ඇරල මිනිස් ගුණ ධර්ම දියුණු කරමු.අඩුම තරමින් සුගතියක යන්නවත් පාර හදා ගනිමු.....
නිබුරු එද්දි අපිට පුළුවන්නම් හිනා වෙලා අනිත් අයගෙත් බය නැති කරවලා තෙරුවන් ගුණ සිහි කරගෙන ඉන්න එදාට නිබිරු අපිට පරදිනවා...ඉතින් ඒ මහා පෞරුෂය අපිට හදල දෙන්නෙ එකම එක තැනකින් විතරයි.....ඒක කරන්න පුළුවන් එකම එක කෙනෙකුට විතරයි.....
"ඒ වෙන කවුරුත් නෙවෙයි හිරු සඳු පරදින නුවණ තියෙන අපේ බුදු සමිදුන්ටමයි....."