- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: August 2012
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>

     රියටම මීට වසර 2600 ට පෙර එනම් සම්බුද්ධත්වයෙන් මාස 8 පසු තුන් ලොවට පායා ආ එකම හිරු මඩල වන් ගෞතම ශාක්‍යසිංහ මුණි රජාණෝ අප උපන් මෙ ලක් දෙරණට වැඩියහ.එදා දුරුතු පුන් පොහෝ දින දහවල උතුරුකුරු දිවයිනෙන් දහවල දානය ගෙන සමාපත්ති සුවයෙන් වැඩ සිටිය ඒ සම්බුදු රජුන් අනාගතයේ තම සාසනය පිහිටන  සයුරෙ මුතු ඇටයක් සේ බබලන ලංකා දිපයේ ඇති වන්නට යන යක්ෂ නාග හටන දැක උතුරුකුරු දිවයිනේ සිට අප ජාත භූමියට වැඩම කලෝය.
   එදා ස්වර්ණ වර්ණ රැස් විහිදුවමින් මහියංගණ අහස් කුස වැඩ සිටිය ඒ මහා වීරියවතාණෝ දහසක් අර ඇති  සක් ලකුණින් විරාජමාන වූ තම සිරි පතුල් ලක් පොළොව මත සපර්ෂ  කලාහුය.සිරි පා පද්ම පහස දරා ගත නොහැකි වූ මහ පොළොව කම්පා වද්දී දෙව්ලොවින් බට සුමන සමන් දෙවිදුන් සම්බුදු සිරි පා සිප ගනිමින් මලින් සරසා වන්දනා කලාහුය.එදා පළමු වරට ලක් දිව අමා ඛෙරය වැයූ අප මහා මණිදාණෝ නැවත ඉන් වසර 5 ට පසුවද,නැවතත් වසර 3ට පසුවද ලක් පොළව වෙත වැඩම කලෝය.
   අවසන්වර ලංකා ගමනයේදී සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මහා සිංහ රාජයෙකු සේ කළ්‍යාණි පුරයට වැඩම  කල  සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ,සිරිලක  බොහෝ ස්ථාන සම්බුදු සිරි පා පහසින්  පවිත්‍ර කලෝය.වසර 2600ක් ගත වුවත් තවමත් සම්බුද්ධානූභාවය නිසාම මිහිතලය මත වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රදුන් පෙරටු  කොට ඇති සියලු මහා සෑයන් එදා උන් වහන්සේ  වැඩ සිටය භූමියන් හි දෙවියන් විසින් හෝ මිනිසුන් විසින් හෝ ඉදිකල ස්ථූපයන්ය.මිනිසුන්ගේ වන්දනාවට කෙසේ වෙතත් ගෞතම සම්බුදු රජුන් කෙරෙහි අසීමිත භක්ති ආදරයෙන් වෙලී ගිය දෙවු ලොව දෙවියන් නිතියෙන් පුදනා මෙම ආශ්චර්්‍යයවත් වූ සුථූපයන් ඒකාන්තයෙන්ම අසිරිමත්ය.
    මහා අසිරිය ඉහල අහසේ සිට දෙවියන් විදින බවනම් සත්‍යයකි...ස්වර්ණ වර්ණ බුදු රැස් මහා සෑ ධාතූ ගර්භයන්හි සිට ඉහල අහසට විහිදි යන අපූරුව සියුම් නෙත් වලින් දෙවියන් දකිනා බව ද සත්‍යයකි.ඉහල ගුවනේ සිට දෙවියන් දකිනා අප නොදකිනා ඒ අසිරිය දකින්නට කාලයයි  මෙ......

පහත දැක්වෙන සියලු ඡායාරූප Google Earth නම් වැඩසටහන මගින් ලබා ගන්නා ලදී.ජායාරූපයට යටින් දක්වා ඇති අක්ෂාංශ සහ දේශාංශ Google Earth වැඩසටහනේ Search ස්ථානයට ලබා දී ඔබගේ පරිඝනකයේ ස්ථාපිත කර ඇති වැඩසටහනින් හෝ මාර්ගගත අන්තරජාල වැඩසටහනින් හෝ මෙම ස්ථාන ඔබට සිත් සේ නැරඹිය හැක.