- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: February 2011
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>


"විදුලි එළි විහිදෙන සිය ගණන් වළාකුළු ඇති වැස්ස ගුගුරා ඇද
හැලෙන්නෙ පොළොව තෙමාගෙන. වළ ගොඩැලි පුරවනවා වගෙයි.......
එ වගේමයි ශ්‍රද්ධාවන්ත, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඤාණවන්තය......
වැස්ස වහිනකොට අහස ගුගුරනවා වගෙයි දානය සඳහා ඔහුගේ හඩ
නැගීම.ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනාව හොඳ හැටියට තෙමාගෙන
යනවා".......
(සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය) (කෝසල සංයුත්තය - 3. ඉස්සත්ත සූත්‍රය)

● ඉතින් විදුලි එළි විහිදෙමින් මහා ස්වර්ණමය වැස්සක් ඇද වැටෙන්නයි යන්නේ......
මෙ වැස්සේ තෙමෙන අය බොහෝ කල් සුව සේ වාසය කරවි......ඉතින් අවසරයි ඒ අසිදිසි පුණය වර්ෂාව ගැන කියන්නට෴
හිරුගොත් වංශයේ අප මහා මුණි රජුන් වෙසක් පුන් පොහෝ දිනක පන්සියයක් ළයෙහි අපන් මහා මුණිවරුන් සමග මෙ ලක් දෙරණට වැඩියා.ඒ තමයි ඒ අසිරිමත් ඉසිවරයන් වහන්්සේ මෙ ලක් දෙරණට වැඩි අවසන් වතාව.
කැළනිය,සමන්ඨකූඨ පර්වතය,දීඝවාපී බිම්,සම්බුදු සිරි පා පිළිගත්තා......දිවා විහරනයෙන් පසු ඒ භගවතානෝ ඌව වෙල්ලස්ස බිම සොයා වැඩම කොට වදාලා.වෙල්ලස්ස බිම සිරිපා කමල් සිප ගනිද්දි හමා ගිය බුදු සුවද දැනුනු ඌවට අධිගෘහිත ඉන්දක දෙවිදුන් තම දේව මණ්ඩලයත් සමග පැමින ඒ බුදු සමිදුන් සරණ ගියා...
උන් වහන්සේ ඒතැනදී මොහොතක් ඒ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමග ,අනාගාමි උතුමන් සහ නිකෙලෙස් මුණිවරු පමණක් සම වදින "නිරෝධසමාපත්තියට"සම වැදුන බව මුතියංගන ඉතිහාසය සාක්ෂි දරනවා
බදු සමිදුන් වඩින්නට කලින් ඉන්දක දෙවිදුන් උන් වහන්සේගෙන් වන්දනා කරන්නට යමක් ඉල්ලා සිටියා.ඒ මොහොතේ මහා අසිරියකින් න් වහන්සේ තම ශ්‍රී දේහයේ රැදුනු දාඩිය බිදුවක් සෟධියකින් ධාතූන් වහන්සේලා බවට පත්කලා.

නීල වර්න කේස දාතූන් වහන්සෙලා සමග,තවමත් ඒ අසිරිමත් මුතු ධාතූන් වහන්සේ මුතියංගණ මහා සෑ ගර්බයේ මුතුවන් රැස් විහිදුවමින් වැඩ සිටිනවා....

දෙවි මිනිස් සහිත ලෝකයේ බුදු රදුන්ගේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වූ එකම ධාතූන් වහන්සේ මෙ මහා සෑයේ වැඩ සිටිනවා.ඒ වගේම උන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලබා දුන් ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් කේෂ ධාතූන් වහන්සේලාට අමතරව වැඩ සිටින එකම ධාතූන් වහන්සේත් ලෙසත් මෙ මුතු ධාතූන් වහන්සේ සැලකෙනවා.
ඉතින් ඒ ගෞතම සමුබුදු රජුන්ගේ මුතු ධාතූන් වහන්සේ වැඩ සිටින මුතියංගණ මහා සෑය....
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රනින් පුද දෙනවා............‍
අපගේ ශාස්තෘන් වහන්සේව රනින් පුද ලබනවා....................
ඒ මුතු සෑය ස්වර්ණ ස්ථම්භයන්ගෙන් රැකවරණ ලබනවා.......

෴ඉතින් මෙක තමයි මහා අසිදිසි පුණ්‍ය වර්ශාව෴

ලොකයේ වැඩ සිටින ඒකම මුක්තක ධාතූන් වහන්සේ උදෙසා ලොකයේ මහා සෑයක් වටා ඉදිවන එකම ස්වර්ණමය වැට ඉදිවෙනවා....

මහා අසිරියක්මයි.....බුදු සමිදුන් වැඩි පුද බිමක,ධාතූන් වහන්සේලා වැඩ සිටන මහා සෑයක් වටා ඉදිවන ලොකයේ එකම රන් වැට...අපේ පුංචි රටෙ......
ස්වර්ණාක්ෂරයෙන් ලක් ඉතිහාසයේ ලියැවෙන මෙ මහා පින්කමට අපිත් එක් වෙමු....බොහෝ දෙනාව තෙමාගෙන යන මෙ මහා පුණ්‍ය වර්ශාවෙ අපිත් සිත් සේ තෙමෙමු.......
සතර දෙස මහා සෑයවල් ඉදිවන බුදු සසුන යළි දිලුන යුගයක අපිටත් සතුටු වෙන්න පුළුවන් "අනේ... අපිත් මෙ මහා පින්කම් වලට සම්බන්ධ වුනානේ,අපිත් මෙ මහා පින්කම් ඇසුවනේ ,අපිත් ඇස් දෙකෙන් මෙ පින්කම් දැක්කනේ කියල."
 ඉතින් සම්බුදු සිරිපා පහසින් මුතියංගණ පින් බිම පාරිශුද්ධ වු වෙසක් පුන් පොහෝ දිනම,අසිදිසි ස්වර්ණ ස්ථම්භයෙන් වට වූ මහා සෑය ලෝකයාට දකින්නට හැකි වෙවි.....
 
සක් දෙවිදුනේ,සතරවරම් දෙවිදුනේ,විශ්ව කර්ම දෙවිදුනේ,ඉන්දක දෙවිදුනේ දිව්‍ය ඝොෂා කරත්වා.!!!අපේ බුදු සමිදුන් රනින් පුදනවා!!!අසිදිසි පින්කමට වඩිත්වා!!!!!

මෙ පින්කමට දායක වන්නට ඔබටත් පුළුවන්.
විමසිම්- ගරු භාරකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,
මුතියංගණරාජ මහා විහාරය, 
බදුල්ල
☎ - 0552222313


.....දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව් පියන්ටත්, වැඩිමහළු සහෝදර සහෝදරියන්ටත්,දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.

මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම ඛෙදා ගන්න බෑ. හොරුන්ට පැහැර ගන්නත් බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ.

දෙවි මිනිසුන්ට තමන් කැමැති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි.

ලස්සන රූපයක් ලැඛෙන්නත්, මිහිරි ස්වරයක් ලැඛෙන්නත්, මනා අඟ පසෙඟන් යුතු සුන්දර සිරුරක් ලැඛෙන්නත්, ඉහළ සමාජ තත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැඛෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා.

ප්‍රාදේශීය රජකම් ලැඛෙන්නත්, සැප සම්පත් ලැඛෙන්නත්, ප්‍රිය මනාප වූ සක්විති සැප ලැඛෙන්නත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැඛෙන්නත්, මේ හැමදේකටම මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා.

මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝක සැපත්, තව සැප සම්පත් ඇත්නම් ඒවාත්, ඒ මා නිවන් සුවයත් යන මේ හැමදෙයක්ම (දාන, ශීල, භාවනා තුළින් ලබාගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි.

කල්‍යාණමිත්‍ර සම්පත්තියට පැමිණ, සමාධිය ඇතිකර ගැනීමත්, යෝනිසෝ මනසිකාරයේ යෙදීමත් නිසා, විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරායන්නත්, ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත්, මේ හැමදේකටම පුණ්‍ය නිධානය හේතුවෙනවා.

අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන පටිසම්භිදාවන්, අෂ්ට විමෝක්ෂයන්,ශ්‍රාවක බෝධියත්, පසේ බුදු බවත්, සම්මා සම්බුදු බවත් යන මේ හැම දේකටම පුණ්‍ය නිධාන හේතුවෙනවා.

ඔය විදිහට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද, එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව දැන ප්‍රශංසා කරන්න

ඛුද්දක නිකාය - 1- නිධිකණ්ඩ සූත්‍රය (පුණ්‍ය නිධානය ගැන වදාළ දෙසුම)
Images

෴ස්වර්ණවර්ණ මහා අසිදිසි වැස්ස෴








































බොහෝ දෙවි මිනිසුන්ට සිත් සේ තෙමි බොහෝ කල් සැනසෙන්නට ඇද වැටෙන යුගයේ මහා අසිදිසි වැස්ස......
තෙමි සුරැකෙන්නට පින් ඇති මිනිසුන්ට මෙසේ වසින්නට පෙර අහස ගුගුරා දැනුම් දෙන වගයි
Images

නිබිරු-nibiru

ඉතින් ප්‍රිය මිතුර ඔබ සූදානම්ද????Are you Ready????
නිබිරු (Nibiru )හෙවත් Planet X කියන්නේ වසර 3600ට පසු නැවත අප සොයා එන ග්‍රහලොවක්.මෙ ගැන මුලින්ම අදහස් පලවෙන්න පටන් ගත්තේ1989දී.ෙමි Nibiru කලින් වතාෙවි”ඒ කියන්නේ මීට වසර 3600ට කලින් ආපු වෙලාෙවි තවත් ග්‍රහකයක වැදිලා තමයි දැන් බ්‍රහස්පති හා අඟහරු අතර තියන ග්‍රහක වලල්ල හැදිල තියෙන්නේ කියල කියනවා.බ්‍රහස්පති හා අඟහරු අතර තියන ග්‍රහක වලල්ල

සමහරු විදුවතුන් කියන්නේ ඒ වෙන ග්‍රහලොවක් නෙවෙයි අපේ පෘතුවියෙමයි ගැටුනේ කියලා.දැන් පෘතුවිය ඒ ගැටුමෙන් ඉතිරි වුන කොටසක් කියලත් කියනවා.
පෘතුවිය ඒ ගැටුමෙන් ඉතිරි වුන කොටසක් කියලත් කියනවා.


ඉතින් මෙ Niburu ටතියෙන්නේ ඉලිප්සාකාර ගමන් පථයක්.ඉතින් වසර 3600ට පස්සේ ආයෙත් පෘත්වියට ආසන්න වෙනවා.බටහිර විද්‍යඥයින් අනතුරු අගවනවා 2012 දෙසැම්බර් 21 තමයි මේක පෘතුවියේ වදින දවස කියලා.
නිබිරු ගැන මුලින්ම අදහසක් පළ කරලා තියෙන්නේ Zecharia sitchi කියන සුමෙරියානු පුරාවිද්‍යඥයා’ඒ 1976 දී "The 12th Plant "කියන පොත එළිදක්වලා’ඔහු එහි දක්වා තිඛෙනවා නිබිරු නම් දොලොස්වන ග්‍රහ ලොවක් ගැනත්’එය තම කක්ෂය වටා ගමන් ගන්න වසර 3600 ගත කරන බවත්.ඔහු පවසන්නේ සුෙමිරියානු භාෂාවෙන් නිබුරු කියන්නේ ග්‍රහලොවට බව.ඔහු පවසනවා ආදී සුෙමිරියානු වැසියන් වසර 3600ට පසු පෘතුවියට ලං වන නිබිරු නම් ග්‍රහලොව ගැන දැන සිටි බව.

දැන් දැන් නිබිරු වසර 3600ට පසු නැවත පෘතුවියට ලං වෙනවා.මෙහෙම ලං වෙද්දී සුර්්‍යයාගේ සහ නිබුරුගේ ගුරුත්වය නිසා පෟතුවිය ඉරි තැලී යන බව තතු දත්තෝ පවසනවා.නූතන ලොව කාළගුනික විපර්යාස වලට හේතුවත් ෙමි කරුණ කියලයි කියන්නේ.
ඉතින් ඒක නම් ඇත්ත කියල ඇස්පනා පිටම අපිටම පේනවා නේද?ගෙවල් පිටින් මහ පොළොවෙ ගිලෙන හැටි අපි තියා අපේ වැඩිහිටියන්වත් දැක් තිෙයනවද?මහපාරවල් දෙකට වෙන් වෙලා,මහ පොළොව දෙකට පැලෙනවා, මහ වැව් කැඩි යන්න ඔන්න මෙන්න ,පාරවල් වහල........
ඉතින් ලෝකෙම දැන් මෙ ගැන කතා කරනවා....ෙමි අවුරුද්දේ මැයි වෙනකොට මෙ නිබුරු පෘතුවියට පෙනෙන්න පටන් ගන්නවා කියලයි කියන්නේ.දැනටමත් සමහරුන් මෙික ඡායාරූපවලට හසුකරගෙන අවසන්.
ලගදි නාසා ආයතනයතත් අළුත් ඡායාරුපයක් නිකුත් කලා.

(නාසා ආයතනය නිකුත් කල ඡායාරුපය )

මුලූ ලොවම කලබලා වෙලා.නාසා ආයතනය කියන්නේ ඔවුන්ට සතියකට ලැඛෙන E mail වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඔවුන්ට ඇත්ත කියන්න කියලා එන E mail කියලා.ඔවුන් කියන්නේ "අපිට ඇත්ත කියාපල්ලා එක්කෝ අපිට ජීවත් වෙන්න නැත්තම් අපේ දරුවොයි අපේ සුරතල්ලූයි එක්ක අපි සියදිවි නහගන්න" කියලා.




සමහරුන් මෙික ඡායාරූපවලට හසුකරගෙන අවසන්.

ඉතින් බටහිර ලොකේ මෙ අනතුර ගැන කතා කලාට ඔවුන්ට පිහිටක් වෙන්න කවුරුත් නෑ’ඔවුන්ගේ තාක්ෂනයෙන් දවසින් දවස ෙමි අනතුර ගැන කිවාට ඒ මිනිසුන්ගේ බිදුනු හදවත් සනසවන්න තාක්ෂනය එයාලා ලඟ නෑ’
අපේ රටෙත් බලා ඉද්දිම ගෙවල් මහ පොළොෙවි ගිලා බහිනවා.මිනිසුසු දුක් මහන්සියෙන් අවුරුදු ගණන් වෙහෙසිලා හදපු දේ තම දැස් ඉදිරිපිටම පොලොෙවි වැතිරෙනවා.ඒ මිනිස්සු ඒ දිහා බලාපොරොත්තු රහිතව බලා ඉන්න අද්දැකීමට දැන් අපි මූන දෙනවා.ඒත් ඒ මිනිසුන් සැනසුම් සුසුම් හෙලන්නේ "අපිට ඉන්න හිටින්න තැනක් නැති වුනත් දරුවෝ ටිකත් එක්ක අපි ෙබිරුනානේ කියලා"
ඒත් තව ටික දවසකින් ඒ නිදහසත් අපිට නැති වෙයි...අනතුරක් අපි ලගමයි....ඊට කලින් අපි ආරක්ෂාවක් හදා ගමු...කරුණාවෙන් මෛත්‍රියෙන් ෙමි ගැන කියල දෙමු...අපේ ඇස් පනා පිටම දකින ෙමි වෙනස මිනිසුන්ට දරා ගන්න බෑ...අපිට ආරක්ෂා වෙන්න එකම ඒක තැනයි තියෙන්නේ....

ඒ බුදු සමිදුගේ සෙවනේ විතරමයි.......එතැන විතරයි බිය නැති තැන.....

ඉතින් අපි එකිනෙකාට බැණ අඩගහ ගන්නැතිව,එකිනෙකාගේ වැරදි සොයන්න නැතිව,ෙමි ජීවත් වෙලා ඉන්න ටික කාලයේ ඉරිසියාව,වෛරය අත ඇරල මිනිස් ගුණ ධර්ම දියුණු කරමු.අඩුම තරමින් සුගතියක යන්නවත් පාර හදා ගනිමු.....
නිබුරු එද්දි අපිට පුළුවන්නම් හිනා වෙලා අනිත් අයගෙත් බය නැති කරවලා තෙරුවන් ගුණ සිහි කරගෙන ඉන්න එදාට නිබිරු අපිට පරදිනවා...ඉතින් ඒ මහා පෞරුෂය අපිට හදල දෙන්නෙ එකම එක තැනකින් විතරයි.....ඒක කරන්න පුළුවන් එකම එක කෙනෙකුට විතරයි.....
"ඒ වෙන කවුරුත් නෙවෙයි හිරු සඳු පරදින නුවණ තියෙන අපේ බුදු සමිදුන්ටමයි....."





Images

Are U Ready????ඔබ ලෑස්තිද????

ඉතින් ප්‍රිය මිතුර, අප සූදානම්ද??????