- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: January 2012
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

කපිල වස්තු මහා වනයෙන් මතු වූ නිධානය෴


 පිල වස්තු යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝ පිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්‍රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්‍ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය.
  තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
  ම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.