- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: 2013
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

~පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ~

පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ...
සාරාසංඛ්‍ය කප් ලක්ෂයක් පුරාවට අනේක දුක් විඳිමින් ලෝක සත්වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් පෙරුම් දම් පුරමින් අප මහා බෝ සතාණෝ වෙසක් පුන් පෝ  දිනක උතුම් සම්බුද්ධත්වයට පත් වූයේ ධරණි මාතාවද කම්පා කරවමින්ය.ඒ අසිර්මත් පාරමී ධර්මයන්ගේ පුන්‍ය විපාකයක් ලෙස අපගේ බුදු රජාණන් වහන්සේට මහා පුරුෂ ලකුනු 32ක් ලැබුනි.ඒ අතරින් මහා පුරුෂ ලකුණු 4ක් උන් වහන්සේගේ දන්තයන් වල දක්නට ලැබුනි.ඒවා නම්
1 දත් 40 පිහිටා තිබීම -උඩු ඇන්දේ සහ යටි ඇන්දේ 20 බැගින්.(චත්තාලිසදන්තෝ ච හෝති)
2 දත් අතර සිදුරු රහිත බව -(අවිරළදන්තෝච)
3 සම දත් පිහිටි බව (සම දන්ත)
4 සුදෝ සුදු දත් පිහිටීම (සුසුක්කදාඨා)

උන්වහන්සේගේ දත් 40 තුලම මෙම ලක්ෂන දක්නට ලැබුනි.එයිනුත් උන් වහන්සේගේ රදනක දන්තයන් 4 සුව්ශේෂි ෙවි.එනම් ඒවායින් සුදෝ සුදු රශ්මි ධාරා නික්මෙන නිසයි.දළදා වහන්සේලා ලෙස හඳුන්වන්නේ එම රදනක දත් 4යි.මහාපුරිස ලකුණු සටහන්  වූ මෙම දළදා වහන්සේලාගෙන් වාම ශ්‍රි දළදා වහන්සේ අප ලක් දෙරණේ වැඩ සිටිති.එනම් මනු ලොව පියවි නෙතින් දැකිය හැකි එකම මහා පුරිස් ලකුණ වන්නේ මෙම වාම ශ්‍රි දළදා වහන්සේයි.ඌර්ණරෝම දාතූන් වහන්සේත් ලලාට ධාතූන් වහන්සේත් ලක්දිව වැඩ සිටින අනෙකුත් මහා පුරිස ලකුණු වන අතර,මිහින්තලා මහා සෑයේ ද සේරුවාවිල මංගල මහා සෑයේ ද උන් වහන්සේලා වැඩ සිටිති.

සම්බුද්ධ ශ්‍රී දේහය අදාහනය කල සුවඳ සඳුන් චිතකයේ උණුසුම යන්නටත් පෙර ෙඛිම නම් මහ රහතන් වහන්සේ වම් දළදා වහන්සේ සෘදියෙන් වෙන් කරවා ගෙන කලිගු රට බ්‍රහ්මදත්ත රජුට භාර දේ.එතැන් පටන් ශතක වර්ශ ගණනක් කලිගු රට වැඩ සිටිය වම් දළදා වහන්සේ හේමමාලා සහ දන්ත කුමරු විසින් අප ලක් දෙරණට වැඩම කලේය.එතැන් සිට අද දක්වාම පෙළහර පාමින් සෙංකඩගල දළදා මැදුරේ රන්විමනක උත්තම වාම ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටිති.


පෙරහැර කරඬුවෙ වඩින්නේ දළදා වහන්සේ නොවෙ.......

වාර්ශිකව ඇසල මස පැවැත්වෙන දළදා පෙරහර පැවැත්වෙන්නේ දළදා වහන්සේට උපහාර පිණිසය.දළදා වහන්සේ සහි කරමින් සර්වඥ අස්ථී ධාතූන් වහන්සේලා 32 තැන්පත් සදාතුක රන් කරඩුව හස්ථී රාජයෙකු පිට වැඩම කරයි.මිනිසෙකුට පවා හිමි නොවන අතිශය දුර්ලභ භාග්‍යයක් එම හස්ථීයාට හිමිවෙ.ජීවමාන සම්බුදු රජුන් බඳු සර්වඥ අස්ථී ධාතූන් වහන්සේලා තැන්පත් සදාතුක රන් කරඩුව තම හිස මත වැඩමකරවන්නට ලැබීම ධර්මය අවබෝධ කිරීමට නොහැකි තිරිසන් ලොව උපන් ඇතෙකුට ලැබීම සැබෑම භාග්‍යකි.එම අවස්ථාවට උරුමකම් කියන්නට ලැඛෙනා ඇතුන්ටද එම අවස්ථාව උදා වන්නේ පුණ්‍ය බලමහිමයකින්ම බව පෙනී යන්නේ උන් තුල පවත්නා දුර්ලභ ගුණයන් නිසාය.අපගේ බෝසතාණන් උපන් දිනයේම ජාත වන කන්ථක අසුගේ චරිතයෙන්ද පාරිල්‍යෙය ඇත් රජු ද නාලාගිරි ඇත් රජුගේ පුවතින්ද පෙනී යන්නේ සම්බුදු රජෙකුගේ පහස ලබන්නට  ෙමිරු පින් තිරිසන් සතුන්ටද ඇති බවයි.
නාලාගිරි පාරිල්‍යෙයක වැනි තිරිසන් සතුන්ට පවා අසිරිමත් සම්බුදු ගුණ දැනුනා සේම,ෙමි යුගයේ උපන් රජා ඇත් රජුට ද,නැදුන්ගමුෙවි ඇත් රජුටද නොදැනෙන්ට හේතු කාරණා නොමැත්තේය.බුදු රජාණන් වහන්සේ එකලත් සම්මා සම්බුද්ධය මෙකලත් සම්මා සම්බුද්ධය.එකලද උන් වහන්සේ සියලූ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේය මෙකලද උන් වහන්සේ සියලූ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේය.
 
තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ......
උන්වහන්සේ පිරිනිවන් පා වසර 2500ක් ගත වුවත් උන් වහන්සේගේ සම්බුදු සුවඳ රැදුනු ධාතූන් වහන්සේලා තවමත් පෙළහර පන්නේය.ඒ ධාතූන් වහන්සේලාගේ විහීදී යන සම්බුදු සුවද හඳුනා ගත් ඇත් රජවරු ගැන මෙසේ සටහන් කරන්නෙමු.
~රාජා ඇතා~
මඩකලපු දිස්‌ත්රික්‌කයේ එරාවුර් හි පදිංචි වෘත්තියෙන් අලි අල්ලන්නකු වූ  උමේරු ලෙබ්බේ නමැත්තා තම කාණ්‌ඩය සඳහා වන වැදුණු 1925 වර්ෂයේ එක්‌තරා දිනෙක මන්නාරම් ප්රතදේශයේ ඝන කැලෑවෙන් අලි පැටවකු අල්ලා ගනු ලැබිණිග පසුව රු 3300.00 ක මුදලකට මහනුවර ප්රාදේශයේ යටිනුවරල ගිරාගම මාම්පිටිය වලව්වේ පුංචි බණ්‌ඩාර හෙවත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාවට විකුණනු ලැබීය. වසර12ට පසු මෙම ඇති දළදා මාලිගයට පූජා කිරීමට ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය තීරණය කෙරිනි.
1937 ජුලි මස 31 වැනි දිනට යෙදුණු ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනය ගිරාගම වලව්වට සුවිශේෂී
දිනයක්‌ විය. පුංචි බණ්‌ඩාර නොහොත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාව මහනුවරට කැඳවාගෙන ගිය මෙම රාජා ඇත් පැටවා විහාරස්‌ථානවලට ඉඩම් පූජා කරනු ලබන ආකාරයට සකස්‌ කරන ලද ඔප්පුවක්‌ මගින්  දළදා මාලිගයට පූජා කළේය. එවිට .රාජා. ගේ උස අඩි 8 ක්‌ බව ඔප්පුවේ තොරතුරු අනුව අනාවරණය වේ.  දළදා මාලිගයෙහි දී ඇත් පැටවුන් භාරගැනීමේ කාර්යය සිදුකෙරුණේ එවක දියවඩන නිලමේ තනතුර හොබවන ලද ටී. බී. රත්වත්තේ මහත්මා විසිනි. 1937 ජුලි මස 31 වැනි දින මහනුවරදී අත්සන් තබන ලද පූජා ඔප්පුව ලියන ලද්දේ පුංචි බණ්‌ඩා රණරාජා නමැති ප්ර සිද්ධ නොතාරිස්‌ තැන බව සඳහන්ය.

"රාජා" මාලිගාවට පූජා කරන මොහොතේ කුංචනාද කරයි
....
මෙම ඓතිහාසික අවස්‌ථාව සියෑසින් දුටු රඹුක්‌පොත මඩුගල්ලේ කුමාරිහාමි මහත්මිය ඒ පිළිබඳ මතකයෙන් ප්‍රකාශ කළ කරුණු 1984 සැප්තැම්බර් මස පළ වූ ,කල්පනා, සඟරාවේ මෙසේ සඳහන් වේ.....රාජා ඇතයි අපේ මාමයි මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පෙරහැරෙන් එන විට අනිත් ප්‍රභූන් හිටියෙ ප්‍රධාන වාහල්කඩ ළඟ. ඒ අවස්‌ථාවෙ ගස්‌වලත් මිනිස්‌සු නැගලා හිටියා ඇත්තු පූජා කරන හැටි හරිහැටි බලා ගත්න. ලස්‌සනට ඇඳගත්ත රාජා එක පැත්තකත් මාම්පිටිය දිසාව මැදිනුත් ප්‍රධාන වාහල්කඩ දොරටුව ළඟට ආවා. අපේ මාමා ඇත්තු දෙන්නගෙම හොඬවැල් දෙක අල්ලලා දියවඩන නිලමෙතුමාගෙ අත් උඩ ඒ හොඬවැල් දෙක තැබුවා. ඇතුන්ගෙ හොඬවැල් මත රන් කෙණ්‌ඩියෙන් වතුර වක්‌කර පූජා කළා. ඒ මොහොතේ රැස්‌ව සිටි මිනිස්‌සු සාධුකාර දුන්නා. රාජා ඒ වෙලාවෙ කුඤ්චනාද කළා. මාම්පිටිය දිසාවගේ පමණක්‌ නෙවේ දියවඩන නිලමෙතුමා ඇතුළු හැමෝගෙම ඇස්‌වලින් කඳුළු වැටුණා......,

හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....
අසාමාන්‍ය ගුණ දැරූ රජා ඇතා වරක් ධාතූ කරඩුව රැක ගත් අයුරු මෙසේ සඳහන් වේ.,
රාජා කරඬුව වඩමවන්ට පටන්ගෙන අවුරුදු දෙකකට පමණ පස්‌සේ .1955 පෙරහැරේදී රාජා කරඬුව වැඩමවාගෙන පෙරහැරේ යන ගමන් කුවීන්ස්‌ හෝටලේ ළඟට ආවා විතරයි එහෙමම නැවතුණා. හැලහෙල්ලුමක්‌ නෑ... ඇත්ගොව්වො දන්නා දේ කළා... නමුත් රාජා නොවෙයි හෙල්ලන්නෙ. පෙරහැර දැන් නැවතිලා. පස්‌සෙ පිටුපසින් පෙරහැරේ ගමන් කළ නුගවෙල දියවඩන නිලමෙතුමාට ගිහින් කීවා. එතුමා ඇවිත් ඇතාට කතා කළා. ඇතා ගොරවලා බලා සිටියා. දියවඩන නිලමේතුමා කිව්වා ඇත්ගොව්වන්ට රන්සිවිගේ බැඳලතා තියෙන පටි බලන්න කියා. බැලින්නම් මොකද වෙලා තියෙන්නෙ, බඳ පටිය කැඩිලා... තව අඩියක්‌ ගියා නම් රන්සිවිගේයි කරඬුවයි ඔක්‌කෝම බිම ඔන්න ඔය සිද්ධිය නිසා මට ඒක හොඳට මතකයි.....
 
පාවඩ නොමැතිව ධාතු කරඩුව වැඩම නොකරන රජා.....
සධාතුක කරඬුව වැඩම කරවමින් .රාජා. ඇසළ පෙරහැරේ රන්දෝලි පෙරහැරවල ගමන් කළේ විශේෂ පාවාඩයක්‌ මතිනි. මේ පාවාඩය එලනු ලබන්නේ .රාජා. ට ඉදිරියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කිහිපදෙනෙකි. අප කුඩා කල නිරීක්ෂරණය කළ ලක්ෂණයක්‌ වන්නේ පාවාඩය කෙළවරට පැමිණි .රාජා. ඊළඟ පාවාඩය එලනතුරු අඩිය අඟලකු දු ඉදිරියට නොතබා බලා සිටීමයි.. ඇතැම් විට ඔසවන ලද අඩිය පාවාඩය එහාට මෙහාට වුවහොත් බිම නොතබන අවස්‌ථා ද වේ. එය හරිහැටි එලනතුරු බලා සිටීග එපමණක්‌ නොව පාවාඩය එලා අදින කල්හි එය ඈතට ඇදී යැම වළකාලනු වස්‌ සොඬයට තබා තද කර පාවාඩ එලන පුද්ගලයිනට සහාය වන අවස්‌ථා එවක පෙරහැරේ සුලභ දසුනක්‌ විය....

එතරම් සෙනෙහසක් !!!......
ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීම අවසන් වනුයේ දහවල් පෙරහැර  දළදා මාලිගයට ගෙවැදීමත් සමඟය. දහවල් පෙරහැර නිමවීමෙන් පසු සධාතුක කරඬුව වැඩම කරවන රන්සිවිගෙය අවසන් වරට .රාජා. ගේ පිට මතින් ඉවත් කරනු ලබන අවස්‌ථාවේදී ඔහුගේ දැසින් කඳුළු බිඳු රූරා හැලෙන අයුරු බොහෝ අය දැක තිබේ....
එක්‌තරා අවස්‌ථාවක .රාජා. කටුගස්‌තොට අලි නාවන ස්‌ථානයේදී කුලප්පු වී දඟලමින් පැය ගණනාවක්‌ ජලයට බැස සිටි අතර කිසිවෙකුටත් ඒ අසලට පැමිණීමට ඉඩ දී නොමැත. සවස්‌ කාලය වන විට ඇතා ගස්‌ බඳින .ඇත් පංතිය. වෙත යැමට පැමිණ තිබේ. මේ අවස්‌ථාවේ පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් ජනතාවට මහා මාර්ගයෙන් වහා ඉවත් වන ලෙස දැනුම් දෙමින් ඇතා යන මඟ ඇතාට ඉදිරියෙන් ගමන් කර ඇත.ඒ මොහොතේ ඇවිදගත නොහැකි රෝගී පුද්ගලයෙක්‌ තම අත් දෙක උපයෝගි කරගනිමින් මහමඟ ඇවිද යමින් සිට ඇති අතර පොලිස්‌ නිවේදනය කණ වැකුණු පසු මෙම පුද්ගලයා දැත් එකතු කර වැඳ වැටෙමින් .අනේ අප්පා, මට මොකවත් කරන්න එපා.. මම අහිංසකයා.... යෑයි කියමින් කෑගසා තිබේ. කලබලයෙන් පැමිණි .රාජා. හොඬවැලෙන් රෝගියා ඔසවා මහමඟ අසල කණ්‌ඩියක්‌ මත තබා යන්නට ගිය බව කියෑවේ...
1959 වර්ෂයේ පැවති ඇසළ පෙරහැර එවක මාධ්‍ය වලට පුවත් මවන්නක්‌ විය. ඒ එදා සිදු වූ අලි කුලප්පුව නිසාවෙනි. අලි කුලප්පුව හේතුවෙන් පෙරහැර සම්පූර්ණයෙන් නැවතිණ. පෙරහැරේ ගමන් කළ අය සහ පෙරහැර නරඹමින් සිටි අය හිස්‌ ලූ ලූ අත දිව ගියහ. .රාජා. හස්‌තියා මේ අවස්‌ථාවේ එදා බේක්‌හවුස්‌ ආයතනය හා එදා ඊස්‌ට්‌ චයිනා රෙස්‌ටුරන්ට්‌, අද  රම්යාය හෝටලෙය අතර වූ ගසක බැඳ තැබිණ. ඉතා විශාල කලබැගෑනියක්‌ සිදුවුවද කිසිවක්‌ සිදු නොවූ ලෙසට .රාජා. ඇතා නිසොල්මනේ සිට ඇත්තේ තම භාරදූර වගකීම වන සධාතුක කරඬුව ආරක්ෂාව කිරීමේ කාර්යය මැනැවින් ඉටුකරමිනි....

රාජා ඇතාගේ සිරුර සංරක්ෂනය කිරීමෙදී සඳහන් වූ සිදු වීමක් මෙසේය....
"අපි ඇස් සකස් කරමින් සිටියදී දියවඩන නිලමේතුමා ඇවිත් අපූරු ඉල්ලීමක් කළා. එතුමා කිව්වා රාජා ඇතා අවසන් වරට දළදා පෙරහැරට සහභාගී වූ අවස්ථාවේ දියකපන මංගල්‍යය අවසන් කරලා ඇවිත් දළදා වහන්සේට වන්දනා කරලා ටික වෙලාවක් මාලිගාව ඉදිරිපිට ඇස්වල කඳුළු පුරවගෙන හිටියා කියා. තමන් දළදා පෙරහරට සහභාගි වූ අවසන් අවස්ථාව මේ යැයි මේ සතාට දැනෙන්න ඇති කියලා තමයි දියවඩන නිලමේතුමාගේ විශ්වාසය වුණේ. ඒ නිසා එතුමා ඉල්ලා සිටියා මේ ඇතා ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ආකාරයට නිර්මාණය කරන්න කියලා....

වර්ථමානයේ  සධාතුක කරඩුව වැඩම කරන නැදුම්ගමුවේ රාජා ගැනද මෙසේ සඳහන් වේ....

රාත්‍රී 7.35ට පමණ පළවෙනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භ කළේය. මෙම පෙරහැර නරඹන්නට විශාල ජනතාවක් නුවර වැව වටා සහ මහමළුවේ රැඳී සිටියහ..
පෙරහැර දළදා වීදිය ඔස්සේ මහ මඵව ඉදිරි පිටට පැමිණියේය. මේ අවස්තාවේදී වේ වැල් නැටුමක් ,කලබල වූ අලින් ඉදිරියේ රඟ දැක්වෙමින් තිබිණ. වේ වැල් නැටුමේ ශිල්පියෝ විවිධ රංගන ඉදිරිපත් කරන්නට වූහ. මෙ
අවස්තාවේ ඉදිරියෙන්ම සිටි අලියෙක් බිය වී පසුපසට හැරී දුවන්නට පටන් ගත්තේය. එම අවස්ථාවේදී එම අලියා පිටුපස සිටි තවත් අලි හතර දෙනෙක් පසුපස හැරී දුවන්නට පටන් ගත්හ...
දෙපස පෙරහැර නරඹමින් සිටි ජනතාව දැඩිලෙස බියට පත්වී හිස් හැරුණු අත දුවන්නට පටන් ගත් අතර නුවර වැව ඉදිරිපිට පදික වේදිකාව හරහා දමා තිබූ යකඩ වැටවල් නිසා කිසි‍වකුටත් අලින්ගෙන් හානියක් නොවීය. නැටුම් ශිල්පීන් සහ බෙර කණ්ඩායම් පවා ජීවිත බේරා ගන්නට දිව යන්නට වූහ. මේ අතර දුවන්නට පටන්ගත් අලින්ගේ ඇත්ගොව්වන් එම අලින් පසුපස ගොස් අල්ලා මෙල්ල කර බැඳ දැමූහ..
කෙසේ වෙතත්ල මෙතරම් කලබල මැද්දේ වුවත් පෙරහැර කරඬුව රැගෙන යමින් සිටි නැදුම්ගමුවේ රාජා ඇතා ඇතලු අනිත් දෑලේ ඇතුන් දෙදෙනා නොසැලී පත්තිරිප්පුව ඉදිරි පස මළුවේ සිටීම සිටීම මෙහි දුටු විශ්මිත දර්ෂණයක් විය.
කුලප්පු එක් ඇතෙකුද පත්තිරිප්පුව ඉදිරි පස මළුව දෙසට දුවගෙන ආ නමුදු නැදුම්ගමුවේ රාජා ඇතා ඇතලු අනිත් දෑලේ ඇතුන් දෙදෙනා නොසන්සුන් වීම පසෙකලා නොසැලි සිටිම පුදුම සහගතයග එදා බුදුරජණන් වහන්සේට ඇප උපස්ථාන සිදුකළ පාරිලෛය ඇතුව සිහිවීමෙන්දෝ බලා සිටි ජනතාව දොහොත් මුදුන් තබා සාදු කාර දුන්නෝය....
අපමහා තිලෝගුරු අමාමැණී තථාගතයන් වහනසේගේ ධාතු තැන්පත් කර තිබූ කරඬුවක් රැගෙන යාමට සිටි නැදුම්ගමුවේ රාජා ඇතා තිරිසන් සතෙකු වුවද පෙර භවයන්හි කළ ඒ මහා පින් මහිමයෙන් තමා හට පැවරි ඇති මෙම රාජකාරියට කිසිදු අයුරක අවැඩක් විමට ඉඩ නොතබන ලදී....

තිරිසන් සතුන්ට පවා දැනෙනා ඒ සම්බුදු ගුණ අසිරිමත් නොවන්නේද????



 ----ඇසුර---
2012 පෙබරවාරි මස 19 ලංකාදීප - http://lankadeepa.com/index.php/articles/27484
දිවයින 2013.08.07 - http://www.divaina.com/2013/08/07/badada05.html