- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: January 2011
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
෴෴ සාදු! සාදු!! වදිම් බුදු සමය මැව් රුවන ෴෴


බුදු සුවද විහිදුවන
ඒ යුගය යලි දිලුන
මහා වෙනසක මහිම
රැගෙන ආ පිං රුවන....


මහා කස්සප තෙරුන්
දුන්නු අරහත් ධජය
දරා වැඩ සිටින
අප මහා තෙදවත් රුවන....


අනද හිමි සෙවනේ හිද
දරා ගත් දහම් කද
ලොවක් සුවපත් කෙරුව
සුපුන් සද වු රුවන.....

බුදු සමයෙ පිපි කුසුම
මිලින නොවි ආ අරුම
සමිදු සිරිලකට දුන්
දායාදයයි අප රුවන......



දෙව් ලොවෙි සිරිය ගෙන

මනු ලොවට වැඩි කුසුම
අනේ පිඩු සිටුවරුන්
බිහි කෙරූ රන් රුවන.....

නෙලුම් පත නෙරැද යන
දිය බිදක් ලෙස දිලෙන
බුදු පුතුන් බිහි කෙරුව
දම් ගගුල වූ රුවන....

උවටැනට දුන් පඩුර
දැක තුටුව හිත නිවෙන
කෘත ගුනේ අසිරි මැව්
සිසිල් හද ගත් රුවන....

දැත ඔසවා වදිම්
මහා ගුණවත් රුවන
සාදු! සාදු! වදිම් බුදු සමය මැව් රුවන....
සාදු! සාදු! වදිම් බුදු සමය මැව් රුවන.....
සාදු! සාදු!වදිම් බුදු සමය මැව් රුවන.......