- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: October 2009
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

පැවිදි පින්කම 2009-(pevidi pinkama)

2009 ඔක්තෝම්බර් මස නමවැනි දින අනුරාධපුර ලෝලුගස්වැව මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේ දී කළ්‍යාණිවංශික මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පැවිදි පින්කම
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. පින්වත් මහණෙනි, දෙවියන් අතර කලින් කල ඇතිවන මේ තුන් ආකාරයක දිව්‍ය වූ කතාබහක් තියෙනවා. පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු යම් වෙලාවක කෙස් රැවුල් බාලා, කසාවත් පොරවලා ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පත්වෙන්න හිතනවා. අන්න එ වෙලාවෙදී දෙවිවරු අතර දිව්‍ය කතා බහක් ඇතිවෙනවා. "ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා මාරයාත් එක්ක යුද්ධ කරන්න කල්පනා කරනවා කියලා'. පින්වත් මහණෙනි, මේ තමයි දෙවිවරු අතර කලින් කල ඇතිවන දිව්‍ය කතා බහ.
දේවසද්ද සූත්‍රය-ඛුද්දක නිකාය 1
අනේ මට කොයි තරම් ලාභයක්ද! අනේ මට කොයි තරම් හොඳ ලාභයක්ද!
මාගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ වන සේක.
මුල මැද අග පිරිසිදු ලෙස, මනා කොට දේශනා කරන ලද ධර්ම විනය ඇති
මේ අනගාරික බුදු සසුනේ මටත් මහණ වෙන්න ලැබුනා නේ. මගේ (කළණ
මිතුරන් වූ)
සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් සිල්වත් වූ, යහපත් ගුණධර්ම ඇති
උතුමන් නෙ.
උපසේන සූත්‍රය-සංයුක්ත නිකාය 1

අම්මේ!මේ ලෝකෙ අඩන්නේ කෙනෙක් මැරුණා ම නේ. එහෙම නැතිනම්, ජීවත් වෙන කෙනෙක් දකින්ට නො ලැඛෙන කොට නේ. එහෙත් අම්මේ, මේ ජීවත් වෙන මං දිහා බලමින් අම්මේ, ඇයි ඔය විදිහට අඩන්නේ?
මෙය වනාහී ආයුෂ්මත් සානු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

බලනු මැනව සිත් සේ සම්බුදු සසුනක අසිරිය
Click here
Images

සාදු !!සාදු!!! සග රුවන වදින්ටයි............

ථූපාරාම මහා සෑය අසල පිහිටා ඇති සංඝමිත්තා මහරහත් තෙරණියගේ ශ්‍රී ශරීරය ආදාහනය කල ස්ථානයේ එම තෙරණියගේ ධාතූ නිදන් කර ඉදිකර තැනූ ස්තූපය.ප්‍රතිසංස්කරණයට පෙර


ප්‍රතිසංස්කරණය කරමින් පවතින දාගැබ.
Images

නඛා වෙහෙර

දැමුණු සිතින් යුතු බුදු සමිදාණෙනි
පුරිස ධම්මසාරථි මුණිදාණෙනි

සාන්ත සිත් ඇති ඉසිවරයාණෙනි
හැම සිත් සනසන මුණිවරයාණෙනි
දුකින් මිදී ගිය අරහත් මුණිදුනි
අන් අය මුදවන අගරජිදාණෙනි
ලොවෙන් එතෙර වූ පුණ්‍යවතාණෙනි

අනුන් එතෙර කරවන මුණිදාණෙනි

හිරුගොත් වංශයෙන් වැඩි රාජාභිරාජ වු මනුජෙන්ද්‍ර යන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු රදුන්ගේ නිය ධාතූ වැඩ සිටින අනුරාධපුර ශුද්ධ නගරයේ පිහිටා ඇති නඛා වෙහෙර.




දීඝවාපි මහා සෑයට අමතරව බුදුසමිදුන්ගේ නිය ධාතූන් වහන්සේලා වැඩ සිටින කාලයේ වැලි තලාවෙන් සැගව ගොස් ඇති අතිශයින්ම දුර්ලභ වු මෙම පුණ්‍ය භූමිය කිසිවෙකුගේ අවධානයක් නොමැතිව වල් බිහි වී දිනෙන් දිනම විනාශ වෙමින් පවති.
මෙය රැකගැනීමට පිනැතියන් හට සිත් පහල වෙවා.!!!!!!
Images

දුර්ලභ අවස්ථාවක්

දුර්ලභ අවස්ථාවක්

සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි

බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ

දකිනු මැනව මුතියංගණ සෑ අසිරිය(photos)

Images

බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කරන මහා බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කල මහා ඛෙලි මල්් දන්සල

2009 වප් පුන් පොහෝ දින බදුල්ල මුතියංගණ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ 10 වන ශ්‍රෙAණියේ සිසු දුවා දරුවන් විසින් සංවිධානය කල ඛෙලිමල් දන්සල.
පින්වත් මහණෙනි, මේ මිනිසුන් මා තරම්ම මේ ඛෙදා හදා අනුභව කිරීමේ ආනිශංස දන්නවා නම්, කවදාවත් අනුන්ට කිසිවක් නොදී නම් අනුභව කරන්නේ නෑ. —මහා ඉසිවර වූ සම්බුදු රජුන් පෙන්වා වදාළ විදිහට, මේ ඛෙදා හදා අනුභව කිරීමේ තිඛෙන මහත් ප්රයෝජනය මේ සත්වයන් දන්නවා නම්, මසුරු මලකඩ දුරු කරලා දානවා. ඛුද්දක නිකාය 1