ඛපිල වස්තු යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝ පිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්‍රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්‍ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය.
තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.
ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි |
එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.
ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්‍රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.
බ්‍රාහ්මීය අක්ෂර |
කපිල වස්තු සෑයේ හරස්කඩකි. |
සෑ ගර්භයේ අඩි 20ක් යටී තිබී සොයා ගත් ගල් පෙට්ටිය |
ඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.
ධාතූන් වහන්සේලා සහිත භාජන හමු වූයේ මෙසේය |
ර්‍ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං
සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”
"ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ
එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"
සිරිසුබූති මහානාහිමියන් වහන්සේ |
Add caption |
ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්‍රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්‍රයේ දැක් වේ.
"එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්‍යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)
මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.
"බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............
ධාතු තැන්පත් භාජන |
පරිවර්ථනය කල පාඨය සටහන් වූ බදුන |
මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.
පීප් මහතා විසින් එවන ලද ලිපිය |
එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.
නවදිල්ලි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ධාතූන් වහන්සේලා |
නවදිල්ලි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ධාතූන් වහන්සේලා හමු වූ බදුන් |
කපිල වස්තු මා සෑය අද.... |