- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: June 2011
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

෴ධාතු විස්තරය෴

පරම ශ්‍රේෂ්ඨවූ, පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි.
යම් තැනක ඒ මහා ප්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුනොත්, ඒ පරම්පරාවම
෴සුවපත් වෙනවා.෴

  පරම ශ්‍රේෂ්ඨ වූ රාජාභිරාජ වූ මනුජේන්ද්‍රයන් වහන්සේ වන ගෞතම සම්බුදු රජුන් සම්බුද්ධ රාජ්‍යයේ අධිපති බවට පත්ව වසර 2600ක් ගත වී තවම ගෙවී ගොස් ඇත්තේ සති 2ක් තරම් වූ සුළු කාලයකි.සම්බුදු බවෙ අසිරිය කෙතෙක් ද යත්,වසර 2600ක් ගත වුවද,ලොවම සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙන්නේ අද ඊයේ උන්වහන්සේ සම්බුදු බවට පත්වූ කලක මෙන් ප්‍රබෝධයකිනි.....