- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කරන මහා බදුල්ල මුතියංගණ ශ්රී සමනතිස්ස දහම් පාසලේ සිසුන් සංවිධානය කල මහා ඛෙලි මල්් දන්සල

2009 වප් පුන් පොහෝ දින බදුල්ල මුතියංගණ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ 10 වන ශ්‍රෙAණියේ සිසු දුවා දරුවන් විසින් සංවිධානය කල ඛෙලිමල් දන්සල.
පින්වත් මහණෙනි, මේ මිනිසුන් මා තරම්ම මේ ඛෙදා හදා අනුභව කිරීමේ ආනිශංස දන්නවා නම්, කවදාවත් අනුන්ට කිසිවක් නොදී නම් අනුභව කරන්නේ නෑ. —මහා ඉසිවර වූ සම්බුදු රජුන් පෙන්වා වදාළ විදිහට, මේ ඛෙදා හදා අනුභව කිරීමේ තිඛෙන මහත් ප්රයෝජනය මේ සත්වයන් දන්නවා නම්, මසුරු මලකඩ දුරු කරලා දානවා. ඛුද්දක නිකාය 1
Images

පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ


පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 2009 වෙසක් මස 09 දින මොනරාගල මහමෙව්නා භාවනා අසපුවෙදී සිදු කල දේශනාව.

Audio

Video 01
Video 02

Images

පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්දූයන් වහන්සේ

පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්දූයන් වහන්සේ විසින් මොනරාගල මහමෙව්නා අසපුවෙදී සිදු කල දේශනාව
Images

අමා දොර විවර විය නැණ ගුණැති දනන් හට..........



අමා දොර විවර විය නැණ ගුණැති දනන් හට..........
2009.වෙසක් මස 06 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පොදු ශාලාවෙදි පැවති අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත සදහම් පොත් දැක්ම.

රූ විසිතුරු
Images

මුතියංගණ සෑ වන්දනාව_muthiyangana se wandana


හිරුගොත් වංශයෙන් වැඩි කෙලෙස් හුල් නැතියාණෙනි,රාජාභිරාජ වූ ගෞතම ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්ස,
ඔබ වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරා ඌව වෙල්ලස්ස පූණ්‍ය භූමිය දෙවන වරටත්,
උතුම් වෙසක් පුන් පොහෝ දින,මහපුරිස ලකුණින් විරාජමාණ වූ ඔබ වහන්සේගේ පා පියුම් පහසින් පාරිශුද්ධත්වයට කොට නිරොධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි භූමියේ පිහිටි,
මුතියංගණ සෑ රදුනේ...........ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා!!!!!
එය සිහි කරමින්
ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවෝ, ඔබ වහන්සේගේ දාඩිය මුතු බවට පත් කර ලබා දුන් මුක්තක ධාතූන් වහන්සේත්,කේෂ ධාතූන් වහන්සේලාත් වැඩ සිටින මුතියංගණ සෑ රදුන්ව සුවද පැණින් නහවා සුදු නෙළුමින් පුද දුන් වගයි.෴

සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි

බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ

රන්කොත බබළනවා නිල් අහසේ
පින්වතුනේ දැක ගනු මැන සිත්සේ
රන්බැද දිස් වෙයි කිරි බුබුළක් සේ
මුතියංගණ සෑ නමදිමු අපි සිත් සේ