ඛපිල වස්තු යනු අප ගෞතම ශාක්ය මුණීද්රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝ පිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය.
තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
සම්බුද්ධ ශ්රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය.
ලොවක් දිනූ මුණිදු වඩී සිරි පා තබන්න
අප ඉපදුනු පොළොවෙ.....෴
අහසේ රන් වන් රැස් විහිදුවමින් වැඩ සිටි අප ගෞතම මුණිදාණන් යකුන් පිරිස ඇමතුවෙය....
කිම යකුනේ නුඹලා මට මෙහි ඉන්නට තැනක් දෙන්නේද?
"නිදුකාණෙනි දෙන්නෙමු....නුඹ වහන්සේට අප මෙ දිවයිනම දෙන්නෙමු".....
සමුබුද්ධත්වයෙන් මාස 09ක් ගෙවුනු තැන අප සරණ ගිය අපගේ හිරු මඩලට එසේ අප උපන් බිම පිදුවෙය...ඒ සුන්දර දිනය ගෙවි ගොස් එළැඹෙන ජනවාරි පුන් පොහෝ දිනට වසර 2600ක් සපිරෙ.ඉතින් , ලොවටම එළිය දුන් අපගේ හිරු මඩල ජනවාරි පුන් පොහෝ දා ආයෙත් ලක් දිවට වඩිනවා.....ඒ සොදුරු පිය රජුන් පිළි ගන්නට ශ්රාවක දරුවෝ එක් වෙත්වා.....෴
පරම ශ්රේෂ්ඨවූ, පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි.
යම් තැනක ඒ මහා ප්රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුනොත්, ඒ පරම්පරාවම
෴සුවපත් වෙනවා.෴
ඒ පරම ශ්රේෂ්ඨ වූ රාජාභිරාජ වූ මනුජේන්ද්රයන් වහන්සේ වන ගෞතම සම්බුදු රජුන් සම්බුද්ධ රාජ්යයේ අධිපති බවට පත්ව වසර 2600ක් ගත වී තවම ගෙවී ගොස් ඇත්තේ සති 2ක් තරම් වූ සුළු කාලයකි.සම්බුදු බවෙ අසිරිය කෙතෙක් ද යත්,වසර 2600ක් ගත වුවද,ලොවම සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙන්නේ අද ඊයේ උන්වහන්සේ සම්බුදු බවට පත්වූ කලක මෙන් ප්රබෝධයකිනි.....
෴හුදී ජන පහන් සංවේගය උදෙසා෴
ඔබටත් ඇසේවි හදවත ඉකිබිදින හඩ.....
ඔබටත් දැනේවි නෙත් කදුලින් තෙත් වන බව......
ඔබටත් සිතේවි අපේ දෑස් පින් කල තරම.......
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴