
පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් 2009 වෙසක් මස 09 දින මොනරාගල මහමෙව්නා භාවනා අසපුවෙදී සිදු කල දේශනාව.
Audio
Video 01
Video 02
පුජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන්දූයන් වහන්සේ විසින් මොනරාගල මහමෙව්නා අසපුවෙදී සිදු කල දේශනාව


අමා දොර විවර විය නැණ ගුණැති දනන් හට..........2009.වෙසක් මස 06 වන දින පේරාදෙණිය විශ්ව විද්යාලයීය විද්යා පීඨ පොදු ශාලාවෙදි පැවති අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් රචිත සදහම් පොත් දැක්ම.රූ විසිතුරු

හිරුගොත් වංශයෙන් වැඩි කෙලෙස් හුල් නැතියාණෙනි,රාජාභිරාජ වූ ගෞතම ශාක්ය මුණීන්ද්රයන් වහන්ස,
ඔබ වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරා ඌව වෙල්ලස්ස පූණ්ය භූමිය දෙවන වරටත්,
උතුම් වෙසක් පුන් පොහෝ දින,මහපුරිස ලකුණින් විරාජමාණ වූ ඔබ වහන්සේගේ පා පියුම් පහසින් පාරිශුද්ධත්වයට කොට නිරොධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි භූමියේ පිහිටි,
මුතියංගණ සෑ රදුනේ...........ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා!!!!!
එය සිහි කරමින්
ඔබ වහන්සේගේ ශ්රාවක දරුවෝ, ඔබ වහන්සේගේ දාඩිය මුතු බවට පත් කර ලබා දුන් මුක්තක ධාතූන් වහන්සේත්,කේෂ ධාතූන් වහන්සේලාත් වැඩ සිටින මුතියංගණ සෑ රදුන්ව සුවද පැණින් නහවා සුදු නෙළුමින් පුද දුන් වගයි.෴
සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි
බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ
රන්කොත බබළනවා නිල් අහසේ
පින්වතුනේ දැක ගනු මැන සිත්සේ
රන්බැද දිස් වෙයි කිරි බුබුළක් සේ
මුතියංගණ සෑ නමදිමු අපි සිත් සේ
Badulla Programe
Most Venerable Kiribathgoda Gnanananda Thero(pinwath Loku Swaminwahanse) conducted a full-day Dhamma programme on 27th September 2008, at the Vincent Dias Stadium, Badulla. Thousands of devotees attended at the event which was jointly organized by: the
'Bodhi-gnana Council, Badulla; the Chief Minister (of Uva Province) & staff; Government Agent (of Badulla) & staff and the business community in the area.
The full programme was broadcasted live through the 'Uva Community Radio Servce' (
Uva Praja Guwanviduliya).