- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
ලොවක් දිනූ මුණිදු වඩී  සිරි පා තබන්න
අප ඉපදුනු පොළොවෙ.....෴



අහසේ රන් වන් රැස් විහිදුවමින් වැඩ සිටි අප ගෞතම මුණිදාණන් යකුන් පිරිස ඇමතුවෙය....

කිම යකුනේ නුඹලා මට මෙහි ඉන්නට තැනක් දෙන්නේද?

"නිදුකාණෙනි දෙන්නෙමු....නුඹ වහන්සේට අප මෙ දිවයිනම දෙන්නෙමු".....

සමුබුද්ධත්වයෙන් මාස 09ක් ගෙවුනු තැන අප සරණ ගිය අපගේ හිරු මඩලට එසේ අප උපන් බිම පිදුවෙය...ඒ සුන්දර දිනය ගෙවි ගොස් එළැඹෙන ජනවාරි පුන් පොහෝ දිනට වසර 2600ක් සපිරෙ.ඉතින් , ලොවටම එළිය දුන් අපගේ හිරු මඩල ජනවාරි පුන් පොහෝ දා ආයෙත් ලක් දිවට වඩිනවා.....ඒ සොදුරු පිය රජුන් පිළි ගන්නට ශ්‍රාවක දරුවෝ එක් වෙත්වා.....෴