- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>

     රියටම මීට වසර 2600 ට පෙර එනම් සම්බුද්ධත්වයෙන් මාස 8 පසු තුන් ලොවට පායා ආ එකම හිරු මඩල වන් ගෞතම ශාක්‍යසිංහ මුණි රජාණෝ අප උපන් මෙ ලක් දෙරණට වැඩියහ.එදා දුරුතු පුන් පොහෝ දින දහවල උතුරුකුරු දිවයිනෙන් දහවල දානය ගෙන සමාපත්ති සුවයෙන් වැඩ සිටිය ඒ සම්බුදු රජුන් අනාගතයේ තම සාසනය පිහිටන  සයුරෙ මුතු ඇටයක් සේ බබලන ලංකා දිපයේ ඇති වන්නට යන යක්ෂ නාග හටන දැක උතුරුකුරු දිවයිනේ සිට අප ජාත භූමියට වැඩම කලෝය.
   එදා ස්වර්ණ වර්ණ රැස් විහිදුවමින් මහියංගණ අහස් කුස වැඩ සිටිය ඒ මහා වීරියවතාණෝ දහසක් අර ඇති  සක් ලකුණින් විරාජමාන වූ තම සිරි පතුල් ලක් පොළොව මත සපර්ෂ  කලාහුය.සිරි පා පද්ම පහස දරා ගත නොහැකි වූ මහ පොළොව කම්පා වද්දී දෙව්ලොවින් බට සුමන සමන් දෙවිදුන් සම්බුදු සිරි පා සිප ගනිමින් මලින් සරසා වන්දනා කලාහුය.එදා පළමු වරට ලක් දිව අමා ඛෙරය වැයූ අප මහා මණිදාණෝ නැවත ඉන් වසර 5 ට පසුවද,නැවතත් වසර 3ට පසුවද ලක් පොළව වෙත වැඩම කලෝය.
   අවසන්වර ලංකා ගමනයේදී සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මහා සිංහ රාජයෙකු සේ කළ්‍යාණි පුරයට වැඩම  කල  සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ,සිරිලක  බොහෝ ස්ථාන සම්බුදු සිරි පා පහසින්  පවිත්‍ර කලෝය.වසර 2600ක් ගත වුවත් තවමත් සම්බුද්ධානූභාවය නිසාම මිහිතලය මත වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රදුන් පෙරටු  කොට ඇති සියලු මහා සෑයන් එදා උන් වහන්සේ  වැඩ සිටය භූමියන් හි දෙවියන් විසින් හෝ මිනිසුන් විසින් හෝ ඉදිකල ස්ථූපයන්ය.මිනිසුන්ගේ වන්දනාවට කෙසේ වෙතත් ගෞතම සම්බුදු රජුන් කෙරෙහි අසීමිත භක්ති ආදරයෙන් වෙලී ගිය දෙවු ලොව දෙවියන් නිතියෙන් පුදනා මෙම ආශ්චර්්‍යයවත් වූ සුථූපයන් ඒකාන්තයෙන්ම අසිරිමත්ය.
    මහා අසිරිය ඉහල අහසේ සිට දෙවියන් විදින බවනම් සත්‍යයකි...ස්වර්ණ වර්ණ බුදු රැස් මහා සෑ ධාතූ ගර්භයන්හි සිට ඉහල අහසට විහිදි යන අපූරුව සියුම් නෙත් වලින් දෙවියන් දකිනා බව ද සත්‍යයකි.ඉහල ගුවනේ සිට දෙවියන් දකිනා අප නොදකිනා ඒ අසිරිය දකින්නට කාලයයි  මෙ......

පහත දැක්වෙන සියලු ඡායාරූප Google Earth නම් වැඩසටහන මගින් ලබා ගන්නා ලදී.ජායාරූපයට යටින් දක්වා ඇති අක්ෂාංශ සහ දේශාංශ Google Earth වැඩසටහනේ Search ස්ථානයට ලබා දී ඔබගේ පරිඝනකයේ ස්ථාපිත කර ඇති වැඩසටහනින් හෝ මාර්ගගත අන්තරජාල වැඩසටහනින් හෝ මෙම ස්ථාන ඔබට සිත් සේ නැරඹිය හැක.


   මෙම වැඩ සිටහන මගින් ඔබ සිටිනා තැන සිට මෙම පුණ්‍ය භූමි වෙත ලගා විය හැකි කෙටිම මාර්ගය,ඒ ඒ ස්ථානයන්හි ඡායාරූප,විකිපීඩියා විස්තර අදියද ලබා ගත හැක.

~මහියංගණ මහා සෑය~

ගෞතම සම්බුදු රජුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ අසිරිමත් පින් බිමයි.මෙම මහා සෑය පිහිටි බිමට ඉහලින් එදා ස්වර්ණ වර්ණ රැස් විහිදුවමින් බුදු සමිදුන් වැඩ සිටිය බව මහවංශය සාක්ෂි දරයි.බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලාද ග්රීවා ධාතූන් වහන්සේද මෙම අසිරිමත් සුතූපයේ වැඩ සිටිති.


 ~නාගදීප මහා සැය~

9°36'46.20" N  79°46'27.25"
සම්බුදු රදුන්ගේ දෙවනවර ලංකාගමනයේදී උන් වහන්සේ වැඩ සිටිය තැන නා රජවරුන් විසින් උන් වහන්සේ වැඩ සිටිය ආසනය තැනපත් කොට කරවන ලද මහා සෑයයි

 ~කැළණි මහා සෑය~


වෙසක් පුන් පොහෝ දිනක මණිඅක්ඛික නා රජුන්ගේ ඇරයුම මත තෙවන සමබුද්ධ ලංකා ගමනය සිදු වූයේ කැළණි මහා සෑය පිහිටි භූමියටයි.එහි එදා උන් වහන්සේ වැඩ සිටිය ආසනය තැන්පත් කොට කැළණි මහා සෑය තනවා ඇත.


~එගොඩ කැළණි මහා සෑය~


 බුදු රජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය)තැන්පත් කොට මෙම සෑය තනවා ඇත.උන් වහන්සේගේ සමුබුදු සිරුරේ පහස දැවටුනු චීවර ධාතූන් වහන්සේ නමක් වන්දනා කර ගැනීමට දැනට ඇති එකම ස්ථානය මෙයයි.


~ශ්‍රී පාදස්ථානය~

6.811046,80.495868

තෙවන වර ලංකා ගමනයේදී සුමන සමන් දෙව් රජුන්ගේ ඇරයුමින් බුදු රජාණන් වහන්සේගේ සිරි පා සටහනක් සටහන් වූ පුණ්‍ය භූමිය යි.


~දීඝවාපි මහා සෑය~

7°17'03.39" N  81°47'13.46" E
උඩු ගුවනට අතිශය රමණියව දිස් වන මෙම මහා සෑය තුල බුදු රජාණන් වහන්සේගේ නිය ධාතූන් වහන්සේනමක් වැඩ සිටිති.


~තිස්සමහාරාම මහා සැය~

 6°59'01.55" N  81°03'40.32" E 
 බුදු රජුන්ගේ කේෂ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තනවා ඇති මෙහි දන්ත ධාතූන් වහන්සේ නමක්ද වැඩ සිටින බවටද විශ්වාස කෙරේ)


~මුතියංගණ මහා සෑ රදුන්~


7°17'02.23" N  81°47'13.70" E
මෙම මහා සෑය තුල සම්බුදු රජාණන් වහන්සේගේ මුක්තක ධාතූන් වහන්සේද කේෂ ධාතූන් වහන්සේලාද වැඩ සිටිති.බදු රදුන් තෙවන වර ලංකා ගමනයේදී ඉන්දක දෙවිදුගේ ඇරයුමින් මෙම පින් බිම වෙත වැඩම කොට පන්සියය්ක් මහ රහතන් වහන්සේලා සමග මොහොතක් නිරෝධසමාපත්ති සුවයට සමවැදුන සේක.ඉන්පසු දෙවිදුගේ ඇරයුමින් බුදු රදුන්ගේ නලල් තලයෙන් ඇද වැටුනු දහදිය බිඳුවක් සෘධි බලයෙන් මුතු බවට පත් කොට ඉන්දක දෙවියන්ට ලබා දුන් බව සඳහන් ෙවි.එම ධාතූන් වහන්සේලා මුතු අංගනයක තැන්පත් කල නිසා එම සෑය පසුව මුතියංගනය වූ බවද පැවසේ.)


~ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ~

8°20'41.95" N  80°23'54.25" E
මහා භද්‍ර  කල්පයේ පහළ වන සතර බුදු රජාණන් වහන්සේලාගේම බෝධින් වහන්සේලා පිහිටන බිෙමි පහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාවයි.)


~ මිරිසවැටි මහා සෑය ~

8°20'44.62" N  80°23'21.95" E
ධාතූන් වහන්සේලා තැන්පත් දුටුගැමුණු මහ රජතුමාගේ  ජයකොන්තය නිදන් කර මෙම ස්ථූපය කරවා ඇත.)


~ ස්වර්ණමාලි මහා සෑ රදුන් ~


8°21'05.93" N  80°23'45.69" E  
 ද්‍රෝණයක්ම ධාතූන් වහන්සේලා පෙළහර පාමින් වැඩ සිටන මහා සැය..


 ~ ථූපාරාම මහා සෑය~

  8°21'21.63" N  80°23'46.90" E 
 දේවානම් පියතිස් නිරිඳුන් විසින් ඉදිකල මෙම ආශ්චර්්‍යයවත් මහා සෑයේ සමුබුදු රදුන්ගේ අකුධාතූන් වහන්සේ වැඩ සිටිති.එම ධාතූන් වහන්සේ වැඩම කරවීමෙ කතාව මහාවංශයේ ඉතා රමණියව සටහන් ෙවි..


~අභයගිරිය~

8°22'19.49" N  80°23'42.53" E
බුදු රජුන් තෙවන වර ලංකාගමනයේදී පන්සියයක් හරහතන් වහන්සේලා සමග වැඩ සිටි බිමෙ තනවා ඇත.රනින් කල වෘෂභයෙකු තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට බුදු රදුන්ගේ සිරි පතුල් සටහනක් මත මෙම මහා සෑය තනවා ඇත.


~ෙජ්ථවනාරාමය~

8°21'00.94" N  80°24'04.94" E
ධාතූසේන මහ රජුන් විසින් කරවන ලද මෙහි බුදු රජාණන් වහන්සේගේ කායබන්ධනය හෙවත් පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ඇත.


~සේල ස්ථූපය~

8°21'04.27" N  80°31'00.59" E
මිහින්තලයේ වැඩ සිටින මෙම මහා සැයේ බුදු රජුන්ගේ් උර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත්ව ඇත.


කතරගම කිරි වෙහෙර

6°25'30.32" N  81°19'55.86" E
කතරගම මහසෙන් හෙවත් ස්කන්ධකුමාර දෙවෙදුන් විසින් තනවන ලද මෙම රමණිය මහා සෑයේ අප මහ බෝසතුන්ගේ මගුල් කඩුවත් කේෂ ධාතූන් වහන්සේලාත් තැන්පත්ව ඇත.


~යටිහලගල පුණ්‍ය භූමිය~

 7°17'51.91" N  80°35'38.93" E
මහනුවර යටිහලගල පිහිටා ඇති මෙම අසිරිමත් භූමිය බොහෝ දෙනාගේ නෙතට හසු නොවන මායිමක පිහිටා ඇත.මහියංගණ මහා සෑය ප්‍රතිසංස්කරණයේදී හමු වූ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තනවන ලද ස්තුපයකින්ද,සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රධාන කොට මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් රමණීය ස්වර්ණමය කරඩුවකින්ද සමන්විත යටිහලගල මහා විහාරය,දැනට ලොව වැඩමි කේෂ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමිය ලෙසද සැලකේ.සර්වඥ අස්ථී ධාතූන් වහන්සේලා දහස් ගණනක්ද කේෂ ධාතූන් වහන්සේලා දෙදහස් පන්සියයක් පමණද, සාරිපුත්ත,මොග්ගල්ලාන,සීවලී,බක්කුල,අංගුලිමාල,රාහුල ආනන්ද,කදිරවනයේ රේවත,චුන්ද,පිළින්දිවච්ච,කොණ්ඩඤ්ඤ,ගවම්පතී,වප්ප,නාගසේන,අරම මහා ප්‍රජාපතී මහ රහත් තෙරණිය මෙන්ම ලංකා දීපයේ වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ ආදී නික්ලේශී මහරහත් ධාතූන් වහන්සේලා ද මෙම අසිරිමත් බිෙමි වැඩ සිටිති.ඒ අතරිනුත් ගෙෘතම බුදු සමිදුන්ගේ ශ්‍රී දේහය දැවී ගිය සඳුන් චිතකයෙන් වෙන් කර ගත් කුඩා සඳන් කොටසක්ද මෙම පින් බිෙමි වැඩ සිටීම අසිරියක්මය.


~දක්ඛින මහා සෑය~

8°20'30.25" N  80°23'43.08" E
දුටු ගැමුණු නිරිදුන්ගේ භෂ්මාවෂේශ තැන්පත් කොට තනවා ඇත.


~දළදා මාලිගය~

7°17'39.55" N  80°38'28.46" E
අප සම්බුදු රජුන්ගේ මහා පුරිස් ලකුණක් වූ දළදා වහන්සේලාගෙන් වම් දළදා වහන්සේ වැඩ සිටිති.මහපුරිස් ලකුණක් ජීවමානව දැකිය හැකි මනු ලොව ඇති එකම පුණ්‍ය භූමියයි.


~ සොමාවතී මහා සෑය ~

8°07'14.17" N  81°10'07.26" E
බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කොට තනවා ඇති පෙළහර පානා මහා සෑයයි

~ ගරිහඩු සෑය ~

8°52'12.20" N  81°00'25.20" E
තපස්සු භල්ලුක වෙළද ඛෙෑයන් විසින් සර්වඥ කේෂ දාතූන් වහන්සේලා තැන්පත් කොට තනවන ලද සෑය ලෙස සැලකේ
~ මංගල මහා සෑය ~

8°22'15.13" N  81°19'12.34" E
සම්බුදු දැවුනු චිතකයෙන් වෙන්කර ගත් විශාලතම ධාතූන් වහන්සේ වන ලලාට ධාතූන් වහන්සේ තැනපත් කොට මෙම මහා සෑය තනවා ඇත.

~ ඛෙලිගල රාජමහා විහාරය ~

6°37'58.03" N  80°40'13.97" E 
 සතර වරම් දෙව්වරුන් විසින් පූජා කල ශෛලමය පාත්රය තවමත් වැඩ සිටින මහා සෑය ලෙස මෙය සැලකේ.
~ නඛා විහාරය ~

8°21'56.37" N  80°24'21.55" E
දීඝවාපි මහා සෑයේ මෙන්ම අනුරාධපුර පූජා භූමියේ පිහිටි මෙම නඛා ස්ථූපයේද බුදු රජුන්ගේ නඛ (නිය)ධාතුන් වහන්සේ වැඩ සිටිති.සැදැහැතියන්ගේ සිත් කම්පා කරවන තරමටම වල් බිහි වී යන මෙම මහා ස්තූපය කිසිවෙකුගේද අවධානයට ලක් නොවීම අවාසනාවකි.

~ ඛෙන්තොට ගලපාත රාජමහා විහාරය ~

තෘතීය අග්රශාවක මහා කාශ්යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වැඩ සිටින මෙම මහා සෑය සද්ධාතිස්ස මහ රජුන් කරවන ලද බව සඳහන් ෙවි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඇවෑමෙන් පළමු ධර්ම සංගායනාව පවත්වා විසිර තිබූ ධර්ම විනය එක්තැන් කර ත්රිපිටකය සකස් කිරීමට මුල්වී ක්රියා කළ මහා කාශ්යප හිමියන් තරම් බුදු සසුන සුරක්ෂිත කිරීම පිණිස කළමණා වැඩ සිදුකිරීමෙහි ලා උනන්දු වූ අන්කිසි මහරහතන් වහන්සේ නමක් මේ බුදු සසුනෙහි නොවූ තරම් ය.
ගෞතම බුදු සසුනේ දියුණුවට අනුපමේය සේවාවක් සිදුකොට, පුරා වසර 120 ක් ආයු වළඳා උතුරු ඉන්දියාවේ බිහාර් ප්රදේශයේ, කුක්කුට සම්පාත නොහොත් වර්තමාන ගුරුපාදගිරි නම් පර්වත ප්රාන්තයේ දී උන්වහන්සේ මහත් අනුසස් සහිතව පිරිනිවන්පානා ලද අතර, උතුම් ගුණ කඳක අධිෂ්ඨාන ශක්තියේ ප්රාතිහාර්ය මහිමය මොනවාට කියාපාමින් මේ පර්වතය තුල මහ තෙරුන් ගේ ශ්රී දේහය අදටත් සුරක්ෂිතව පවතී.
එම නිසා අදටත් මනු ලොව වන්දනා කර ගැනීමට ඇති උන් වහන්සේගේ එකම ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මෙම ඛෙනතර ගලපාත මහා සෑ ගර්බයේය.

 6.418087,80.025056