නිවි ගියා මගේ සම්බුදු මිණි පහන
සම්බුදු පියාණෙනි මට බෑ ඉවසන්න
හිතෙනවා ඉකි ගසාලා මට වැලපෙන්න
ඔය සිරි පතුල් යුග සිඹ සිඹ වැතිරෙන්න
මෙ ආනන්දයන් හට අවසර දෙන්න
මින් පසු කාගේ සිවුරුද මා හෝදන්නේ
කාගෙද සිරි පතල් මා දොවා ලන්නේ
දන් පැන් මෙමා කාටද පිළි ගන්වන්නේ
කවුරුද මෙමා හට සදහම් පවසන්නේ......

මුතියංගණ මහා සෑ වන්දනාව 2010
පහන් දහසක් දල්වමින්, මල්, සුවද දුම් ,අෂ්ට පාන, බෞද්ද ධජ ,පළදවමින් මුතියංගන මහා සැ මලුව සුවද පැනින් දොවනය කරමින්, රැය පහන් වන තුරු සිදු කල අසිරිමත් මුතියංගණ මහා සෑ වන්දනාව.........

සන්සුන් සිත් අපහට ඇති වෙන්ටයි
කන්කළු ලෙස බුදු ගුණ පවසන්නයි
රන්වන් රුස් සැයෙන් විහිදෙන්නයි
මුතියංගණ සෑයේ වරුණ අසන්ටයි
බුදු කරුණාවෙන් දෑස තෙමෙන්නේ
මුදු කෝමල සිරි පතුල් තබන්නේ
සුදු බුදු රැස් සිරසින් විහිදෙන්නේ
වෙසක් දිනේ බුදු සමිදු වඩින්නේ

බලනු මැනව ඒ මහා සැ අසිරිය
"පභංකර"ඌව වෙල්ලස්ස සරසවියේශ්රාවක දරුවෝ සංවිධානය කරන ලද පළමු සදහම් වැඩසටහන "පභංකර"
රූ සිත්තම්
"පභංකර"
ගෞතම බුදු සමිඳුන්ගේ පළමු ලංකාගමනයෙන්ම පාරිශුද්ධත්වයට පත් වු,මෙම ලෝක ධාතූවෙ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු යම් ධාතූන් වහන්සේ නමක් වැඩ සිටිනවානම්, "මුක්තක ධාතූන් වහන්සේ "නමින් හඳුන්වන බුදු සමිඳුන්ගේ මුතු බවට පත් වූ දා බිඳු වැඩ සිටින.
බුදු සමිඳුන්ගේ දැවෙන ශ්රී දේහයෙන් යම් ධාතූන් වහන්සේ නමක් වෙන් කර ගත්තාද"ග්රීවා ධාතූන් වහන්සේ" නමින් හඳුන්වන ග්රීවා අස්ථීය වැඩ සිටින.
සිද්ධාර්ථ බෝ සතුන් නේරංජනා ගංතීරයේදී කේෂච්ඡේදනය කල මගුල් කඩුව වැඩ සිටින...
ගෞතම බුදු සමිඳුගේ නාමය උදෙසා මුලින්ම පූජා කල යම් රාජ්යයක් වෙත්නම් "ඌව වෙල්ලස්ස" නම් වු නම් ගොත් දරන සුපින්බර භූමියට වස්සානයේ ඇද වැටෙනා සදහම් අරුණැල්ල