- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: නිවි ගියා මගේ සම්බුදු මිණි පහන
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

නිවි ගියා මගේ සම්බුදු මිණි පහන

නිවි ගියා මගේ සම්බුදු මිණි පහන

සම්බුදු පියාණෙනි මට බෑ ඉවසන්න
හිතෙනවා ඉකි ගසාලා මට වැලපෙන්න
ඔය සිරි පතුල් යුග සිඹ සිඹ වැතිරෙන්න
මෙ ආනන්දයන් හට අවසර දෙන්න

මින් පසු කාගේ සිවුරුද මා හෝදන්නේ
කාගෙද සිරි පතල් මා දොවා ලන්නේ
දන් පැන් මෙමා කාටද පිළි ගන්වන්නේ
කවුරුද මෙමා හට සදහම් පවසන්නේ......