- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

සිත් සේ වැපීරු බුදු පුතුන්

අවසන් හෝරාවෙ ඇද වැටුනු පින් වැස්සේ....සිත් සේ වැපීරු බුදු පුතුන්
මහා පින් වැස්සක් වැහැලා අහවර වුනා.... බුදු සමිදුන්ගේ මුක්තක ධාතූන් වහන්සේ හෙවත් මුතු ධාතුන් වහන්සෙ වැඩ සිටින,ගෞතම මුනි සිරි පා පහස රැදුනු,බදුලු මුතියංගණ මහා සෑ මළුවෙ ඉදිවෙමින් පැවතුනු සලපතල මළුව දැන් සම්පුර්නයි.........
අපගේ බුදු සමිදුන් වෙනුවෙන් ඉදිවුන මෙි මහා සෑ මළුවෙ පහස,උදුවප් මස පුන් පෝ දින සියල්ලන්ටම විද ගන්නට හැකි වෙවි.
බොහෝ දෙනා තෙමාගෙන ඇද වැටුනු මෙ මහා පුණ්‍ය වර්ෂාවෙ නුවණැති බෝහෝ දෙනා සිත් සේ තෙමුනා.සිත් සේ පින වැපුරුවා...ඒ සියලු පින් මෙපින් කමට දායක වූ සියලු පින්වතුන්ට අනුමෝදන් වෙිවා.....මෙපින්කමට දායක වන්නට නොහැකි වූ පින්වතුන්ටද මෙ පින එක සේම අනුමෝදන් වෙවා....
මහමෙවිනාවෙ උනුසුම ලද බොහෝ තරුණ ජවය,නිහඩව මෙි පින්කම වෙනුවෙන් කැප කලා.උදේ හවා වෙහෙසුනා...පින ගැන දැන ගත් උදවිය තම අත ඇති දේ අත් ඇරියා...පින්කම නිමා වන අවසන් හෝරා කීපයේ පිය උරුමය සොයා ආ මහමෙවිනා බුදු පුතුන්ගේ සුරතින් මහා සෑ මළුව හැඩ වුනා....සතුටු කදුලු වගුරුවමින් තම පිය රජුන්ගේ බුදු සුවද රැදුනු,තම පරපුරෙ වැඩිමහල් සොයුරන් සිහ නද පතුරුවමින් වැඩ සිටි මෙි පින් බිම කලු ගලින් සැරසුවා....

ඉතින් අවසරයි........ බොහෝ නුවණැත්තන්ට බොහෝ කල් සුගති දොරටු විවර කල මෙ මහා වර්ෂාව පායා යන්නනට...ඒත් ඒ මහා වැස්සම මහා මෙඝයක් පෙරටු කරන් වසින බව ඒකාන්තයි.....මහා නුවර අහසද පොළොන්නරු අහසද,පොල්ගහවෙල අහසද කලු කරන් වසින හඩ ලගින්මයි ඇසෙන්නේ......ඉතින් යමු අපිත් සොදුරු යුගයේ සොදුරු අස්වනු නෙලන්නට.......
Images

සලපතල මළුව

අතිශයින්ම දුර්ලභ වු පිනක් බොහෝ දෙනෙකුට රැස් කර ගන්නට ලැඛෙන්නේ ඉතාමත් කලාතුරකින්.ඒ අතරින් බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කරගන්නටත් ලැඛෙන්නේ බොහෝ සුළු පිරිසකටයි.මීට අවුරුදු දෙදහස් ගණනකට කලින් අප සරණ ගිය ඒ ගෞතම අරහත්සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පුන් පෝහෝ දිනක අවසන් වරට මෙ සිරිලකට වැඩම කලා.උන් වහන්සේ වැඩියේ තවත් මහා රහතන් වහන්සේලා 500ක් පිරි වරාගෙනයි.

මුලින්ම උන් වහන්සේ කැළණියට වැඩම කොට රැස් ව සිටි පිරිසට දහම් දෙසුවා.ඊට පස්සේ උන් වහන්සේ සමන්තකූඨ පර්වතයට වැඩම කලා,ඊට පස්සේ දීඝවාපියට වැඩම කලා.ඊට පස්සේ උන් වහන්සේ "ඉන්දක"නම් වූ දිව්‍ය පුත්‍රයාගේ ආරාධනයෙන් බදුලු පුරවරයටත් වැඩම කලා.

එතනදි හරි අසිරිමත් වූ දෙයක් සිදු වුනා.ඒ බුදු සමිදුන් පන්සියයක් මහා රහතන් වහන්සේලා සමගම එම භූමියේදී නිරෝධසමාපත්තියට සම වැදුනා..අතිශයින්ම සතුටට පත් වු ඉන්දක දෙවිදුන් උන් වහන්සේගෙන් වන්දනා කිරිමට යමක් ඉල්ලූ විට තවත් අසිරිමත් දෙයක් සිදු වුනා.ඒ වෙලාවෙ උන් වහන්සෙගේ පුළුල් නලල්තලයෙන් දහඩිය බිදුවක් ගලා එමින් තිබුනා.උන් වහන්සේ සෘදියෙන් ඒ දා බිදුව මුතු බවට පත් කොට කේෂ ධාතූන් වහන්සේලා සමග ඉන්දක දෙවිදුට ලබා දුන්නා.ඒ අසිරිමත් සිදුවීම වුන තැන තමයි දැන් බදුලු මුතියංගණ මහා සැ රදුන් පිහිටා තිඛෙන්නේ.

උන් වහන්සේගේ සෘදියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු ශාරීරික ධාතූන් වහන්සේනමක් වැඩ සිටින ලෝකයේ එකම මහා සෑය ලෙසටත් මෙය බව සැලකෙනවා.කේෂ ධාතූන් වහන්සේලාට අමතරව උන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලබා දුන් එකම ධාතූන් වහන්සේ ලෙසත් මෙම "මුක්තක" ධාතූන් වහන්සේ සැලකෙනවා.

මෙවන් අසිරිමත් ගුණ දරන මුතියංගණ මහා සෑ රදුන් වටා ඇති,බුදු සමිදුන්ගේ හා පන්සියයක් මහා රහතන් වහන්සේලාගේ සිරි පා කමල් වැළද ගත් භූමිය දැන් කළු ගලින් හැඩ වෙනවා.කලින් තිබුනු වැලි මලුව වෙනුවට සුව සේ වන්දනා කර ගැනීමට හැකි වන ලෙස දැන් "සලපතල මළුවක්"ඉදි වෙමින් පවතිනවා.මෙක තමයි සොලොස්මස්ථාන වලින් සලපතල මලුවක් අඩුව තිබුනු එකම පුද බිම.ඉතින් තව ටික දවසකින් වැලි මළුව සලපතල මළුවක් වෙිවි.ඉතින් ඔබත් එන්න මෙ පින් කමට දායක් වෙන්න.ඔඛෙි සියතින්ම බුදු සුවද රැදි බිමට කළු ගලක් තියන්න.බොහෝ දෙනා තෙමාගෙන ඇද වැටෙන මෙ මහා පින් වැස්සේ තෙමෙන්න ඔබත් එන්න. 

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා

සුරක්ඛිතං ඉන්දක දේව තේජසා

ජයංගණං සීහල දීප වාසිනං

මුතිංගණං ථූප වරං නමාමි

෴සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴

෴ රූ විසිතුරු ෴

Images

හංස රැලට එක්ව වසරයි......

෴ 2009 වප් මස 09 දින අනුරාධපුර ලෝලුගස්වැව ධම්මචෙතිය මහමෙවිනා භාවනා අසපුවෙදී උතුම් පැවිදි බිමට පත් වූ පින්වත් ස්වාමීන්වහන්සේලා එයින් වසරක් ගෙවුනු තැන 2010.10.10 වන දින එදවස සිහිකොට බුදු රජාණන් වහන්සේගේ මුක්තක ධාතූන් වහන්සේ වැඩ සිටින මහා රහතන් වහන්සේලා පන්සියයක් නිරෝධසමාපත්තියට සමවැදුනු තැන පිහිටි මුතියංගණ මහා සැ සමිදුන් වන්දනා කිරීමට වැඩි සුපින්බර මොහොත....෴
එදා.....
අද.......


෴ රූ විසිතුරු ෴
අවදි වන්න,පායන්න සැරසෙන සොදුරු අරුණැල්ල දකින්න...
සිත් සේ පුබුදුවා ගන්න නිමල නුඛෙ හදවත් මල....
අපේ බුදු සමිදුගේ කාරුණික හද මඩල තුලින් උතුරා නැගුනු ඒ අමා මුතු වදන,
ඔඛෙ සවනට ගෙනෙන සොදුරු ඒ නිමෙෂය,
විදගන්න සැරසෙන්න...

ජූනි මස 05 වනදා සිට දිනපතා උදෑසන 06.40 ට සුමධුර දම් දෙසුමක් සමග HAPPY GREENS ගැන දැන ගන්න.සවන් දෙන්න..
*******ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ස්වදේශීය සේවයට.******

===98.3/90.3/99.6/107.6/97/102.90.4====
Images

"මහා දම් සභාව"


"මහා දම් සභාව"
දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින්,සම්මා සමුබුදු බව ලැබූ,තුන් ලොවක් සනසාලූ අප ගෞතම මුනිදුන්ගේ දහමින් ඌව වෙල්ලස්ස ගිගුම් දෙන..... "දමි සභාව"
පොසොන් මස 06 වන ඉරිදා
උදෑසන 08 සිට සවස 04 දක්වා
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී....
පින්වත් අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහයවීමෙන් උදා වන සොදුරු අත්දැකීම විදගන්න දම් සභාවට ඔබත් එන්න.....
දවස පුරා සජීවිව 98.4 ඌව FM ඔස්සේ

තෙරුවන් සරණයි !!!