- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: "පභංකර"
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

"පභංකර"

"පභංකර"
ගෞතම බුදු සමිඳුන්ගේ පළමු ලංකාගමනයෙන්ම පාරිශුද්ධත්වයට පත් වු,මෙම ලෝක ධාතූවෙ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු යම් ධාතූන් වහන්සේ නමක් වැඩ සිටිනවානම්, "මුක්තක ධාතූන් වහන්සේ "නමින් හඳුන්වන බුදු සමිඳුන්ගේ මුතු බවට පත් වූ දා බිඳු වැඩ සිටින.
බුදු සමිඳුන්ගේ දැවෙන ශ්‍රී දේහයෙන් යම් ධාතූන් වහන්සේ නමක් වෙන් කර ගත්තාද"ග්‍රීවා ධාතූන් වහන්සේ" නමින් හඳුන්වන ග්‍රීවා අස්ථීය වැඩ සිටින.
සිද්ධාර්ථ බෝ සතුන් නේරංජනා ගංතීරයේදී කේෂච්ඡේදනය කල මගුල් කඩුව වැඩ සිටින...

ගෞතම බුදු සමිඳුගේ නාමය උදෙසා මුලින්ම පූජා කල යම් රාජ්‍යයක් වෙත්නම් "ඌව වෙල්ලස්ස" නම් වු නම් ගොත් දරන සුපින්බර භූමියට වස්සානයේ ඇද වැටෙනා සදහම් අරුණැල්ල