- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: පැවිදි පින්කම 2009-(pevidi pinkama)
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

පැවිදි පින්කම 2009-(pevidi pinkama)

2009 ඔක්තෝම්බර් මස නමවැනි දින අනුරාධපුර ලෝලුගස්වැව මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේ දී කළ්‍යාණිවංශික මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පැවිදි පින්කම
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. පින්වත් මහණෙනි, දෙවියන් අතර කලින් කල ඇතිවන මේ තුන් ආකාරයක දිව්‍ය වූ කතාබහක් තියෙනවා. පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු යම් වෙලාවක කෙස් රැවුල් බාලා, කසාවත් පොරවලා ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පත්වෙන්න හිතනවා. අන්න එ වෙලාවෙදී දෙවිවරු අතර දිව්‍ය කතා බහක් ඇතිවෙනවා. "ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා මාරයාත් එක්ක යුද්ධ කරන්න කල්පනා කරනවා කියලා'. පින්වත් මහණෙනි, මේ තමයි දෙවිවරු අතර කලින් කල ඇතිවන දිව්‍ය කතා බහ.
දේවසද්ද සූත්‍රය-ඛුද්දක නිකාය 1
අනේ මට කොයි තරම් ලාභයක්ද! අනේ මට කොයි තරම් හොඳ ලාභයක්ද!
මාගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ වන සේක.
මුල මැද අග පිරිසිදු ලෙස, මනා කොට දේශනා කරන ලද ධර්ම විනය ඇති
මේ අනගාරික බුදු සසුනේ මටත් මහණ වෙන්න ලැබුනා නේ. මගේ (කළණ
මිතුරන් වූ)
සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් සිල්වත් වූ, යහපත් ගුණධර්ම ඇති
උතුමන් නෙ.
උපසේන සූත්‍රය-සංයුක්ත නිකාය 1

අම්මේ!මේ ලෝකෙ අඩන්නේ කෙනෙක් මැරුණා ම නේ. එහෙම නැතිනම්, ජීවත් වෙන කෙනෙක් දකින්ට නො ලැඛෙන කොට නේ. එහෙත් අම්මේ, මේ ජීවත් වෙන මං දිහා බලමින් අම්මේ, ඇයි ඔය විදිහට අඩන්නේ?
මෙය වනාහී ආයුෂ්මත් සානු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

බලනු මැනව සිත් සේ සම්බුදු සසුනක අසිරිය
Click here