"ලෝකයේ හැම දේම තියෙනවා ඒත් සත්‍යය නෑ ලෝකයේ බොරු කියන්න දවසක් තියෙනවා ඒත් ඇත්ත කියන්න දවසක් නෑ අප්‍රේල් 01 වෙනිදට දත කට මැදගෙන ලෑස්ති වෙනවා බොරු කියන්න නමුත් සත්‍යයට දවසක් නැ සත්‍යයට කාලයක් දෙන්නේ නෑ ලොකුම සත්‍යය මේකයි කියල කවුරුත් කියන්නේ නෑ ලොකුම බොරුව කතා කරන්න ඔීන තරම් ඉන්නවා බොරු කිය කියා සතුටු වෙන්න ඔන තරම් ඉන්නවා සත්‍යයට ඇහුම්කම් දෙන්නේ ටික දෙනයි
එහෙම බලනකොට මේලොකය කොයිතරම් අසරණද?කොයිතරම් මුලා වෙලාද?කොයිතරම් නොමග ගිහින්ද කොයිතරම් අමාරුවෙ වැටිලද කොයිතරම් අන්ධ ගමනක්ද යන්නේ......".(අසත්‍යයෙන් සත්‍යයට )
ඒක ඇත්ත මේ ලෝකයේ අනූනවයක්ම බොරු තියෙන්නේ සත්‍යය එකයි තියෙන්නේ ඒ නිසයි අපිට සත්‍ය මේකයි අසත්‍ය මේකයි කියල හඳුන ගන්න බැරි.නිබිරු නම් ග්‍රහලොවක් ගැන ලෝකයා කතා කරන්න පටන් ගන්නේ 1989 ඉදන්.හැබැයි නව සහස්‍රකය වෙද්දී මේ ගැන කතා කරන ඒක වැඩි වුනා.
නා(ර්)ගීස් සුළි කුණාටුව |
✹2005 කත්‍රිනා කුණාටුව
✹2008දී චීනය හා ඇෆ්ගනිස්ථානය සොයා ආ හිම කුණාටුව
✹2008 අප්‍රේල් මස ඉන්දියාව,බංගලාදේශය ,මියන්මාරය ,ශ්‍රී ලංකාව ඇතලු රටවල් වලට බලපෑ එක්ලක්ෂ හතලිස්දාහකට ආසන්න සංඛයාවක් මිය ගිය නා(ර්)ගීස් සුළි කුණාටුව
✹2010 හයිටි රාජ්‍යයට බලපෑ භූ කම්පනය
විශේෂයෙන්ම 2003 වසරේ ඇමරිකා එක්සත් ජනපදයට හිටි හැටියේ විදුලිය විසන්ධි වීම ආදී විපත් සැලකිල්ලට ගෙන මුලූ ලෝකයම මේ ගැන කතා කරන්න පටන් ගත්තා.ඇමරිකා විදුලි විසන්ධි වීම් පිළිබඳව අදටත් මත ගැටුම් පවතිනවා.කෙසේ වෙතත් ගත වු ඉතිහාසයේ මාරාන්තික වසර ලෙස 2010 වසර හදුන්වනු ලබනවා.
ඉතින් බටහිර ලෝකයා මේ අසාමාන්‍ය ව්‍යසනයන්ට හේතුව ලෙස නිබිරු නම් කලා.අසූව දශකයේ සිට කතා වෙන නිබිරු ගැන ලංකාවේ අපි නම් දැන ගත්තේ මේ ඊයේ පෙරේදා.(ඒ නිසාම සමහරු හිතුෙවි නිබිරු කියන්නේ අපි සොයා ගත්ත ග්‍රහලොවක් කියලා.)
සමහරු හිනා වුනා.මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ගැන NASA ආයතනය දක්වන නිහැඩියාව.ඔවුන් එක හෙලාම කින්නේ මේක අමුලික බොරුවක් කියලා.හැබැයි තතු දත්තෝ නම් දන්නවා,නිබිරු ගැන අහල ඒක දරා ගන්න බැරිව තම දරුවන් සමග සිය දිවි නසා ගත්ත බටහිර අම්ම කෙනෙක් නිසා නාසාව මෙය ලොකයෙන් වසන් කරන බව.
ඉතින් වෙන කුමක් කරන්නද?ඇස්පනා පිටම හිසේ වදින්නට එන ග්‍රහ ලොවක් දැක දැක දිවි නසා ගන්නවා මිස.ඒ තමයි බටහිර මතය.ඉතින් අසරණ නාසාව වෙන කුමක් කරන්නද?සත්‍ය සඟවනු මිස.....
ඉතින් කිසිවක් නොදන්න අහිංසකයන් පිරිසක් මේ අසත්‍යට හසු වෙනවා.ඒත් බුද්ධිමත්ව හිතන්න.... ප්ලුටෝ නම් ග්‍රහලොව සොයා ගත්තේ 1930දී.ඊට පස්සේ නාසාව කිව්වා මෙයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නව වෙනියා කියලා.ඉතින් වසර 76ට පසුව 2006 දී NASA කිවිවා නෑ... නෑ....ප්ලූටෝ අපිට අයිති එක්ක නෙවෙයි,එයා අපේ නව වෙනියත් නෙවේ කියලා.හැබැයි ඒකෙන් වුනේ පිස්සුවෙන් වගේ තමන්ගේ ජීවිතේම Astronomy වලට කැප කරපු මිනිස්සු සත්‍ය දැන ගන්නත් කලින් අසත්‍යක් හිතේ රුවාගෙන මැරිච්ච එක.ඉතින් සිහි බුද්ධියක් ඇති කෙනෙක්නම් මේ ගැන හිතයි.
සමහර බටහිර ජාතිකයන් NASAව අර්ථ දක්වන්නේ Never A Straight Answerලෙසයි.NASA මයි මුලින් කිවුවේ ප්ලූටෝ පෘතුවිය වගේ තුන් ගුනයක් විශාලයි කියලා,පස්සේ කිවුවා නෑ... නෑ... පස් ගුණයක් විශාලයි කියලා.ඉතින් ලගදීම දවසක NASA කියන්න බැරිකමක් නෑ නිබිරු ගැන අපි හැංගුවෙි මිනිස්සු බය වෙන නිසා කියලා.
හැබැයි යාළුවේ නිබිරු ගැන අහද්දි නාසාව නිහඩ වෙන එක කරුණක් තියෙනවා.ඉතින් මේක ඔබට කියන්නේ ඔබව විශ්වය ගැන සොයන්න උනන්දු කරවන්න නෙවෙයි.ඇස් වසාගෙන තියෙන කඩතුරාවක් ඉවත් කරන්න.ඔෙබි බය නැති කරන්න.
ඔබ දන්නවනේ Google earth කියන වැඩසටහන.මේක නොදන්න කෙනෙක් නම් නෑ.අන්තර්ජාලය බාවිතා කරන කෙනෙකුට මේක Online පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම නැත්තනම් පරිඝනකයට භාගත කරගෙන භාවිතා කරන්නත් පුළුවන්
ෙමි වැඩසටහනේ තිනෙවාGoogle Sky කියලා mode එකක්.
● Sky කියලා mode එකක් තියෙනවා |
ඒකට ගිහින් Search location කියන තැනට ( -6.01931,-91.5903)මේ අගයන් ලබා දීලා Search කරන්න.
එවිට ඔබටම දකින්නට හැකි වේවි නිබිරු නම් සත්‍යය ලොවෙන් වසන් කරන විධිය.මතක ගියා ගන්න සත්‍යය විවර වෙනවට අකමැතිනම් තමයි ඒක වහන්න උවමනා.ඒකට තමයි බොරුව තියෙන්නේ.ඔබටම දකින්න පුළුවන් කුඩා කළු කොටුවකින් වසන ලද දේ.
● පැහැදිලිවම කළු කොටුවකින් වසා ඇත |
● තරු එළියක් කැපි යන විදියට හිතාමතාම යමක් සගවා ඇත |
● Google Sky වසා දමන්නට පෙර දකින්නට ලැබුනේ මෙම Image ඒක යැයි පැවසේ |
Ⓒ Image 2007 DSS Consortium කියලා Google Sky වැඩසටහනට අවශ්‍ය දත්ත සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති Space Telescope Science Institute (STScI)
හබල් දුරේක්ෂය |
ඉතින් මේ ගැන බටහිර ජාතිකයන් 2008 වසරේ සිට Google සහ NASA ගෙන් ප්‍රශ්න කරන විදිය ඔබටම බලන්න පුළුවන්.
Google sky,වගේම wiki sky, Microsoft world wide Telescope කියන වැඩසටහන්ද මෙම සැගවීම කරනවා.
http://www.youtube.com/watch?v=ObYWgr30mYk&feature=player_embedded
ඉතින් මෙම වැඩසටහන් පරිඝනකයට බාගත කරගෙන මෙන්ම Online ලෙසද භාවිතා කරන්න පුළුවන්
හැබැයි මොන error ඒක වුනත් මොකක්දෝ ලොකු error එකක් ලොකයේ සිදු වන බව සිහි ඇති කෙනෙකුට නම් තේරෙනවා.
ඉතින් නිබිරු ඇත්තද බොරුද කියල සොයා වෙහෙසෙන කෙනෙකුට කරුණාවෙන්ම තව දෙයක් කියන්නම්.මේකත් පරඝනක වැඩසටහනක් නම Celestia. Open source මෘදුකාංගයක්.
ෙමික භාගත කරගෙන නිබිරු addon එක මේකට දා ගන්න.
ඊට පස්සේ ඔබටම බලන්න පුළුවන් නිබිරු කොච්චර ලඟද කියලා
● Celestia වලින් නිබිරු |
රතුපාට කක්ෂය නිබිරුගේ |
2011 පෙබරවාරි 08 වනදා Celestia වලින් නිබිරු පිහිටීම |
හැබැයි අපි එක දෙයක් මතක තියා ගන්න ඔනී.අපි මේවා ඇත්තද බොරුද කියල හොය හොයා ඉන්න ගියොත් වෙන්නේ ඊතලේ වැදුනු මිනිහ ඒක ගලවන්න හදද්දි,මේක අෙවි කොහෙන්ද,විද්ද කෙනා කවුද?එයා උසද මිටිද,කලූද සුදුද....කියල හොයන්න ගිහින් ඊතලේ නිසාම මැරුණු එක තමයි.
අපි හිතමු නිබිරු ආෙවි නෑ කියලා..ඒත් ලොකු විනාශයක අඳුරු සෙවනැලි දැන් පේනවා නේද?අහසේ වතුර ඉවර වෙනකම්ම වගේ වැස්ස,ගෙවල් හිටි හැටියේ මහ පොළොෙවි ගිලා බැස්සා,පාරවල් වැහිල ගියා කදු පාත් වුනා මහා වැව් බැමි කඪා වැටුනා.මේගැන වැඩිය කියන්න වුවමනා නෑ බදුල්ල නුවර පාරේ හයේ කණුව පහු කරන අයෙකුට නම් මුල් වතාෙවි ආයෙත් හැරිල යන්න හිතෙන තරමට බය හිතෙනවා.ත්‍රිකුනාමලයේ කුච්චිවෙලී පොලොව මහ දවල් දෙකට පැලී ගියාජනවාරි 23 වනදා ස්වර්නවාහිණි පුවත් ඒ බව මුලු රටටම දැන්වුවා
බලන්න ස්වර්නවාහිණි පුවත්- http://www.swarnavahini.lk/news/player.php?newsid=10001435&clipid=2
ලෝක සෞඛ්‍ය සංවිධානය මීට සති කිපයකට කලින් අනාගත ආහාර අර්බුදයක් ගැන අනතුරු අඟවූවා මතකනේ.ජාතික රූපවාහිනි සහ ස්වර්ණවාහිනි පුවත් මේ පිළිබඳව අනතුරු ඇඟවුවා.රජයේ ජ්‍යෙෂ්ධ ඇමතිවරයෙක් පවා ඉදිරියේ ආහාර හිඟයක් ඇති බව සපථ කලා.
මේවා කීවම සමහරුනම් හිනා ෙවිවි.උඹලට පිස්සු කියාවි,වෙන වැඩක් නැද්ද අසාවි, හැබැයි සිහි බුද්ධිය ඇති කෙනෙක් නම් මේවා ප්‍රතික්ෂේප නොකරාවි.හිතන්න පටන් ගනීවි.
"මතකනේ අපි පුංචි කාලේ අහපු කථාව කූබි රැලයි තණකොල පෙත්තගෙයි කතාව.කූඹි රැල පායන කලේ ඉදිරියේ එන අනතුර දැකල රැස් කලා.ඒත් තණකොල පෙත්තා කූඹින්ට හිනා වුනා,උඹලට පිස්සුද ඇහුවා,ඉන්න ටිකේ කකා බිබි හිටපල්ල කීවා,හොඳට නිදා ගත්තා.අන්තිමට වැස්ස ආවා.කූඹි ටික ෙබිරුනා අසරණ තණකොල පෙත්තා මැරිල ගියා."
ඉතින් අපිටත් දැන් තියෙන්නේ රැස් කරන්න.හනි හනිකට රැස් කරන්න.පුළුවන් තරම් රැස් කර ගන්න.ඒ වෙන මොකුත් නෙවෙයි පින් රැස් කර ගන්න.ෙමි වගේ අනතුරකදී කල යුතු දේ ගැන බුදු රජාණන් වහන්සේ හරි ලස්සනට සඳහන් කලා.උන් වහන්සේ දවසක් කොසොල් රජුගෙන් අහනවා
"රජතුමනි කෙනෙක් ඇවිත් කියනවා දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං නැගෙනහිර දිශාවේ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලූ සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, එ වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව,ඔය විධියටම බටහිර දකුන උතුරු දිශාවෙනුත් ඇවිත් කියනවා දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං නැගෙනහිර දිශාවේ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලූ සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, එ වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව කියලා
ඉතින් බුදු සමිදුන් අහනවා
පින්වත් මහාරාජ, ඔය ආකාර වූ මහා භයානක අවස්ථාවක් දරුණු අවස්ථාවක් ඇති වුනොත් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ ඔබ ගන්න පියවර කුමක්ද?
එවිට රජු උත්තර දෙනවා
ස්වාමීනී, ඔවැනි මහා භයානක, දරුණු, මිනිසුන් වැනසෙන අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුස්ස ජීවිතේ ලබාපු මම ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ලස්සන කරුණක් දේශනා කරනවා
පින්වත් මහාරාජ, එක එහෙමම තමයි. පින්වත් මහාරාජ, එක එහෙමම තමයි. ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනකොට, ධර්මයේ හැසිරීම හැර,යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?
ඊට පස්සේ උන් වහන්සේ ගාථාවෙන් කියනවා
—අහස උසට තියෙන විශාල පර්වත, හාත්පස, හැම දිශාවෙම සතුන්ව සුණු විසුණු කරගෙන, පෙරළීගෙන එනවා වගෙයි.ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා.රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අයෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා
දානවා.එ ජරා මරණවලින් දිනන්න ඇත් සේනාවකට බෑ. රථ සේනාවකට බෑ.පාබල සේනාවකට බෑ. කුමන්ත්‍රණ යුද්ධවලට බෑ. ධනයටත් බෑ.එ නිසා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා, තමන්ගේ යහපත දකිනවා නම්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගන්න ඕන.යමෙක් කයෙනුත්, වචනයෙනුත්, හිතිනුත් ධර්මයේ හැසිරෙනවා නම්,මෙලොවදීම ඔහු ප්‍රශංසා ලබනවා. පරලොව සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.
(පබ්බතූපම සූත්‍රය-පර්වතයක් උපමා කොට වදාළ දෙසුම
සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය) (කෝසල සංයුත්තය - 3. කෝසල වර්ගය)
එහෙනම් අපිට ෙබිරෙන්න ක්‍රමයක් තියෙනවා.රැකෙන්න ක්‍රමයක් තියෙනවා.සතුටු වෙන්න ක්‍රමයක් තියෙනවා.ඉතින් ප්‍රිය මිතුර ........
මග හොදට තිෙබි නම්,යන්නට දෑසත් පෙනේ නම්,කිම බැදිවල යන්නේ මං මුලා වූවන් සේ......
ඉතින් මිතුරේ අපිත් හනි හන්කට පින් රැස් කර ගමු.යහපතේ හැසිරෙමු.කල පින් සිහි කරමු මිනිස් ගුණ දියුණු කරමු.අනතුරින් අත් මිදෙන්නට ගෞතම සම්බුදු රජුන්ගේ සාම සංදේශය ලොව පුරා පතුරුවමු.හඩ නගා කියමු අපිට රැකෙන්නට ක්‍රමයක් ඇති බව.....මහා පින් මැවෙනා අවස්ථාවෙන් අපරිම ඵල නෙලා ගමු.බිය ඇති අයගේ බිය නැති කරමු.
අප සරණ ගිය ඒ සම්බුදු රජුන් සිහි කරමු.උන් වහන්සේ සසරේ එන පුරාවට බොහෝ දෙනාට සැප ලබා දුන්නා (බහුජනස්ස සුඛාවහා හෝති)භය තැති ගැනීම් ශෝක ආවට පස්සේ ඒවායින් ඉක්මනට මිනිසුන්ව ෙබිරගෙන මිනිස්සු කරදරේ වැටුනු වෙලාවට පිහිට වුනා (රක්ඛාවරණගුත්තිං සංවිධාතා)පිරිවර සහිතව දන් දුන්නා (සපිරිවාරංච දානං අදාසි)
ඒකේ විපාකයක් විදියට උන් වහන්සේට සිරි පතුලේ සක් ලකුණු පිහිටියා.ඒ නිසා උන් වහන්සේට භික්ෂු,භික්ෂුණී,උපාසක,උපාසිකා,දිව්‍ය මිනිස්,අසුර,නාග ආදී මහා පරිවාර සේනාව ලැබුනා.
ඒ සම්බුදු ගුණ සිහි කරගෙන අපිත් යහපතේ හැසිරෙමු.අපිත් තණකොල පෙත්තෙක් නොවී කූබි රැලක් වෙමු.එකාවන්ව එක්ව සමගිව දියයි කිරියි සේ වාසය කරමු.
ඉතින් ප්‍රිය මිතුර ඔබ ලෑස්තිද කූබි රැලක් වන්නට?????