- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: සුනාමි රළ දැක දැක අකම්පිත වූ චරිතය....
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

සුනාමි රළ දැක දැක අකම්පිත වූ චරිතය....


මීට වසර 2ට කලින් 2009 වසරේ Roland Emmerich අධ්‍යක්ෂනයෙන් යුතු 2012 නම් චිත්‍රපටයක් නිකුත් වූ බව ඔබ දන්නවා.අනාතතයේ ඇති විය හැකි අනතුරක් ගැන කියැවෙන මෙම චිත්‍රපටයේ එක් අපුරු චරිතයක් ජීවත් වෙනවා.මුලූ ලොවම යට කරගෙන නැග එන සුනාමි රළට මූණ දෙන ෙමි අපූරව චරිතය මුලූ චිත්‍රපටයටම හිතන්න දෙයක් දෙනවා.ඔබට මතකද ඒ චරිතය.......ටිඛෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේ......සුනාමිය ටිඛෙට් කඳු වලල්ල ආක්‍රමනය කරන්න මොහොතකට කලින් කඩිසරව මහා කන්දක් නගින උන්වහන්සේ තනිවම ගිරි හිසක ඇති කටියක වැඩ සිටිනවා.පෑ දෙකක දර්ශන කාලය පුරාවට ජීවිත ෙබිරා ගන්නට හඩා වටෙන,එකිනෙකා පරයමින් ෙබිරෙන්නට තැනක් සොයන,දෙවියන් යාදින මිනිසුන් අතරේ එක් බෞද්ධ භික්ෂුවක් අකම්පිතව දළ රළ පෙල එනතෙක් වැඩ සිටිනවා .

මොහොතකින් කදු අතරින් එන සුනාමිය දැක නිහඩව ඝන්ඨාරය අසලට යන උන්වහන්සේ තම අවසන් යුතුකමත් ඉටු කරමින්  නිහඩ වෙනවා..හඩන වැලපෙන මුහුනු ඇති චිත්‍රපටයක සිටින එකම අකම්පිත චරිතය, එකම කදුලක්වත් බිම නෙහෙලූ චරිතය වුනේ මෙ භික්ෂුව විතරයි... 2012 චිත්‍රපටයේ ප්‍රචාරන පෝස්ටරයටත් යොදා ගැනුනු මෙම අවස්ථාව විදෙස් මාධ්‍යයන්ගේ පවා අවධානයට ලක් වුනා. 

අපිට හිතෙයි ඔක ඉතින් චිත්‍රපටියක්නේ කියලා....හැබැයි ලෝකය ගැන සියුම් නිරීක්ෂනයකට ලක් කරන ෙමි අධ්‍යක්ෂකවරුන්ට පවා දැන ගන්නට ලැඛෙන්නට ඇති මෙවන් විනාශයකදි එයට අකම්පිතව හඩන් නැතිව මූන දෙන්න පුළුවන් චරිත බෞද්ධයන් අතර ඉන්නව කියලා.
ෙමි චිත්‍රපට දර්ශනයක් වුනාට මරණය ඉදිරියේ අකම්පිත වුන සුන්දර චරිත අතීතයේ වැඩ සිටියා.සූත්‍ර පිටකයට අයත් ථේර ථේරි ගාථා නම් උතුම් ග්‍රන්ථ රත්නයේ මෙ විදියේ ලස්සන කථාවක් ඇතුලත් වෙනවා.

අධිමුත්ත නම් රහතන් වහන්සේගේ වචන වලින්ම උන් වහන්සේගේ ජීවිතය ගැන කියනවා. උන්වහන්සේ අවුරුදු 7 දී කැළයක් මැදින් වඩිද්දි සොරුන්ට අහුවුනා.ඊට පස්සේ හොරු මෙ රහතන් වහන්සේව අරන් ගියා බිලි දෙන්න.දැන් සාමානයයෙන් පොඩි දරුවෙක්නම් බය වෙනවනේ,අඩනවනේ කෑ ගහනවනේ ඒ මොකුත් නෑ සතුටින් ඉනන්වා ෙමිගොල්ලෝ දන්නේ නෑ මෙ රහතන් වහන්සේ නමක් කියලා.
දැන් හොරුන්ට හරිම පුදුමයි හොරු ටික කිවුවා,අපි මහා ලොකු මුදලාලිලා මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා,මැති ඇමතිවරු මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා,හොද සල්ලිකාරයෝ මෙතෙන්ට ගෙන්ලා තියෙනවා,මහා පන්ඩිතවරු අපි බිලි දීලා තියෙනවා,මෙතනදී ඒ හැමෝම ජිවිතය ඉල්ලලා හිටනවා ඒ සියලූ දෙනා බයට පත් වෙනවා,ඒහෙමම මල මුත්‍ර වැක්කෙරෙනවා,ජීවිතයේ ඔනම දෙයක් දෙන්නම් කියලා කෑ ගහනවා,ඔබ හරි පුංචි ලස්සන කෙනෙක් ඔබ බබළ බබළා හිනා වෙනවා කිව්වා...

ලෝකයේ කාටද එහෙම චරිත බිහි කරන්න පුළුවන් ලොකයේ බුදු රජානන් වහන්සේ හැර වෙන කෙනේකට පුළුවන්ද ෙමික කරන්න වෙන කෙනෙකුට,කරන්න බෑ.... 
එතකොට ඒ අධිමුත්ත සාමණේරයන් වහන්සේ අර හොරුන්ට කියනවා පින්වත්නි මට ෙමි ක්‍රමය ඉගැන්නුෙවි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ.මම දන්නවා ෙමි සැම දෙයක්ම අනිත්‍යයි කියලා.මම බැලූවා මෙ ජීවිතය දිහා,ෙමික දර ගොඩක් වගේ.මෙතෙන තියෙන්නේ වෙනස් වෙලා යන ජීවිතයක් විතරයි.මරණ භය කියන්නෙ මට සනීප විච්ච ලෙඩක්.එහෙම අසනීපයක් මට නෑ....මට ඒ මරන බිය සනීප වෙලා ගෙඩක් කල්......දැන් මම බලාපොරොත්තුවෙන් ඉන්නේ පිරිණිවන් පාන්න..... ඉතින් කැමති දෙයක් කරන්න කිවුවා.

අර වටවෙලා හිටපු හොරු ඔක්කොම ආයුධ විසිකලා... අපට ඔබ වහන්සේ වගේ කෙනෙක් වෙන්න ඔනි,අපටත් බය නැති අය වෙන්න ඔනි..මරණය ඉදිරියේ හිනා වෙන අය වෙන්න ඔනි.... අපටත් ශෝකයට හිනා වෙන අය වෙන්න ඔනි.... අපටත් කදුලට හිනා වෙන අය වෙන්න ඔනි.... අපටත් සුසුම් හෙලීමි අත් ඇරපු අය වෙන්න ඔනි.... බිය ඉදරියේ හිනා වෙන අය වෙන්න ඔනි කිවුවා. අපවත් එතැනට එක්ක යන්න කිවුවා... අර පිරිසම බුදු රජානන් වහන්සේ ලගට එක්කන් ගියා. ඒ පිරිසටත් පුළුවන් වුනා බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය අවබෝධ කර ගන්න.එ පිරිසම රහතන් වහන්ෙස්ලා වුනා..... 
ඉතින් අද බුදුරජානන් වහන්සේ ජීවමානව දැක ගන්න නෑ නමුත් බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඒ විදියටම තියෙනවා
(උපුටා ගැනීම-අසත්‍යයෙන් සත්‍යයට)
ඉතින් අපි කවදාද..... දුකට හිනා වෙන්නේ.....
මරණ බියට ඔච්චම් කරන්නේ කවදාද?.....
අපි තැති ගැනීම අබියස තැති නොගෙන ඉන්නේ කවදාද?.....
අපි කඳුලූ වලට හිනා වෙන්නේ කවදාද?..... 


ඉතින් යාළුවෙ බෞද්ධ රටක් වුන ජපානයට මීට දින කීපයට කලින් සුනාමිය පහර දුන්නා.ජපානයට බල පෑ භූ කම්පනය 8.9ක් නොව 9.0 බව අද (15)මාධ්‍ය වාර්ථා කලා.එය අංශකයකින් වැඩි වනවා යනු එහි ප්‍රභලත්වය තිස්ගුණයකින් පමන වැඩි වීමක් බව සදහන් කලා.මෙ අනතුර NHKරූපවාහිනි ආයතනය මගින් ලොව පුරා සජීවිව විකාශය කලා.මොහොතකින් දළ රළ පෙල ජපන් වෙරළ තීරය යට කරගෙන එන හැටි සජීවිව විකාශය කලා.මොහොතකට මුලු ලොවම නිහඩ වුනා....මහා ගුවන් යානා,නැවි කඩදාසි බෝට්ටු වගේ පාවෙලා ගියා.ඒත් පුංචි බුදු පිළිම අකම්පිතව වැඩ සිටින විදිය දෙස් විදෙස් මාධ්‍ය වාර්ථා කලා.
ඉතින් අපිට මෙ අනතුර නෑ කියලා කාටවත් කියන්න බෑ.සමහර විට මෙ අනතුර හෙට අපිට වෙන්න පුළුවන්.අපිට එහෙම වුනොත් අපිට තියෙන්නෙත් තෙරුවන් සරණ විතරමයි.......

෴ නිවන් දුටු ඒ රුවන් පිළිමය පමණි අද මට ශේෂ වුයේ෴