- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
අවදි වන්න,පායන්න සැරසෙන සොදුරු අරුණැල්ල දකින්න...
සිත් සේ පුබුදුවා ගන්න නිමල නුඛෙ හදවත් මල....
අපේ බුදු සමිදුගේ කාරුණික හද මඩල තුලින් උතුරා නැගුනු ඒ අමා මුතු වදන,
ඔඛෙ සවනට ගෙනෙන සොදුරු ඒ නිමෙෂය,
විදගන්න සැරසෙන්න...

ජූනි මස 05 වනදා සිට දිනපතා උදෑසන 06.40 ට සුමධුර දම් දෙසුමක් සමග HAPPY GREENS ගැන දැන ගන්න.සවන් දෙන්න..
*******ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ස්වදේශීය සේවයට.******

===98.3/90.3/99.6/107.6/97/102.90.4====
Images

"මහා දම් සභාව"


"මහා දම් සභාව"
දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින්,සම්මා සමුබුදු බව ලැබූ,තුන් ලොවක් සනසාලූ අප ගෞතම මුනිදුන්ගේ දහමින් ඌව වෙල්ලස්ස ගිගුම් දෙන..... "දමි සභාව"
පොසොන් මස 06 වන ඉරිදා
උදෑසන 08 සිට සවස 04 දක්වා
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී....
පින්වත් අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහයවීමෙන් උදා වන සොදුරු අත්දැකීම විදගන්න දම් සභාවට ඔබත් එන්න.....
දවස පුරා සජීවිව 98.4 ඌව FM ඔස්සේ

තෙරුවන් සරණයි !!!
Images

ඔබ වහන්සේ පහළ නොවුනානම්?.......

අපි ඔබ වහන්සේට කෙසේ නම් කළ ගුණ ගයන්නද?
ඇයි ඔබ වහන්සේ අපට මෙතරම් කරුණාවක් දක්වන්නේ.......
දහසකුත් නින්දා විදගෙන අපට පින් මවන සමිදුනේ......
ඔය පා යුගල දිගු කල මැනව,සිතේ හැටියට වන්දනා කරන්නට.
මනු ලොව සක් දෙවිදුනේ.....එදා මහා වැස්සේ තෙමුනේ අපි නිසාම නේද?
ජයසේන නා රජුනි... වැසි වස්සන පජ්ජුන්න දෙවිවරුනි....කොහොමද බලා සිටියේ මෙ මහා පරුෂ රත්නය මහා වැස්සේ තෙමෙන හැටි...
කේසර සිංහයෙක් වගේ ඔබ වහන්සේ සොමාවති මහා සෑ සමිදු මහා වැස්සේ වන්දනා කල හැටි හරි පුදුමයි.ස්වාමිනි අපි ඔබ වහන්සේ නිසා බොහෝ පින් රැස් කලා....සිතේ ඇති වුන සෙනෙහස නිසාමයි මෙ කියන්නේ ...මුලු ලෝකයම ඔබ වහන්සේට එරෙහි වුනත් ඔබ වහන්සේගේ පැත්තේ මං ඉන්නවා..ඒ ඔබ වහන්සේ බුදු සමිදුන්ගේ පැත්තේ ඉන්න බව අපි දන්න නිසා....
ඔබ වහන්සේ පහළ නොවුනානම්?...........මහා වීරයාණෙනි,මනු ලොව සක්දෙවිදුනි,දෙව් ලොව ඥාතියානෙනි,මගේ ලොව වීරයානෙනි,නමස්කාර වෙවා ඔබ වහන්සේට.....කායික අපහසුතා දුරු වෙවා....තව බොහෝ කල් ඛෙහෝ දෙවි මිනුසුන්ට හිත සුව පිණිස වැඩ සිටිවා....
Images

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස

ආවෙමු අපි මෙහි සෝමාවතියේ.....වදිමු සෑය අපි සෝමාවතියේ.....
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ දකුණු දළදා වහන්සේ වන්දනා කරන්නට බොහෝ දුර බැහැර සිට අපි එනවා... ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ මහා පුරිස ලකුණින් විරාජමාන වූ ඔය තඹ පැහැති නිය දරණ සිරිපා යුගල දිගු කල මැනව.ඔබ වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අප ආදරයෙන් ඔබ වහන්සේ වන්දනා කරමු. ස්වාමීනි මෙ වන්දනාව පිලිගන්නා සෙක්වා...දකුණු දළදා සමිදුනේ මාගේ මෙ වන්දනාව කරුණාවෙන් පිළිගන්නා සේක්වා...........
Images

ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීම

සාදු! සාදු! බුදු සමිදුන් වදිමි.......

2010.අප්‍රේල් මස 24 වන දින මාතලේ මඩවල උල්පත මහමෙවිනා භාවනා අසපුවෙදී අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලද සදහම් වැඩසටහන,අභිනව බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීම හා ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කිරීමඅභිනව බුදු පිළිම වහන්සේ
අභිනව බුදු පිළිම වහන්සේ වන්දනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ
ආනන්ද බෝධීන් වහන්සේ වන්දනා කරමින්.........

............නරඹනු මැනව ඒ විසිතුරු රූ සිත්තමි.........