- සත්‍ය දකින්ට ධර්මය අසන්නට පින් කැමති මිනිසුන්ට යි... භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම - By Ranga.rpr: නඛා වෙහෙර
පියවි නෙතට පෙනෙනා මනු ලොව මහා පුරිස ලකුණ.....>>>තිරිසන් සතුන් හඳුනනා සම්බුදු සුවඳ>>>>හෙණ්ඩු පහර කමින් රාජා දාතු කරඩුව රැක ගනී.....>>>>
Images

නඛා වෙහෙර

දැමුණු සිතින් යුතු බුදු සමිදාණෙනි
පුරිස ධම්මසාරථි මුණිදාණෙනි

සාන්ත සිත් ඇති ඉසිවරයාණෙනි
හැම සිත් සනසන මුණිවරයාණෙනි
දුකින් මිදී ගිය අරහත් මුණිදුනි
අන් අය මුදවන අගරජිදාණෙනි
ලොවෙන් එතෙර වූ පුණ්‍යවතාණෙනි

අනුන් එතෙර කරවන මුණිදාණෙනි

හිරුගොත් වංශයෙන් වැඩි රාජාභිරාජ වු මනුජෙන්ද්‍ර යන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු රදුන්ගේ නිය ධාතූ වැඩ සිටින අනුරාධපුර ශුද්ධ නගරයේ පිහිටා ඇති නඛා වෙහෙර.




දීඝවාපි මහා සෑයට අමතරව බුදුසමිදුන්ගේ නිය ධාතූන් වහන්සේලා වැඩ සිටින කාලයේ වැලි තලාවෙන් සැගව ගොස් ඇති අතිශයින්ම දුර්ලභ වු මෙම පුණ්‍ය භූමිය කිසිවෙකුගේ අවධානයක් නොමැතිව වල් බිහි වී දිනෙන් දිනම විනාශ වෙමින් පවති.
මෙය රැකගැනීමට පිනැතියන් හට සිත් පහල වෙවා.!!!!!!